hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 04, පෙ.ව. 10:14



තිසර පෙරේරා කියන්නේ ජාතික කණ්ඩායමේ සිටි දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන්නේ ඔහුයි.

දේශීය සහ විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා දකුණු  අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ද මෙරටට පැමිණ තිබෙනවා.

ඔහුද නියෝජන කරන්නේ තිසරගේ කණ්ඩායමයි.

ඉදිරි තරඟ නුවර පැවැත්වෙන නිසා සියළු කණ්ඩායම් නුවරට ගිහින් ඉද්දී ඩේවිඩ් මිලර් සහ තිසර නුවර යන්නේ තිසරගේ කාර් රථයෙන්.

මේ ගමනට ඩේවිඩ් මිලර්ගේ බිරිඳ සහ තිසරගේ බිරිඳත් එක් වෙලා.

මේ ගමන යන අතරතුර ඩේවිඩ් මිලර් සහ එයාගෙ බිරිඳට ලාංකීය ආහාරවල රස බලන්න වගේම කන්නේ කොහොමද කියන එක ගැනත් තිසර කියලා දෙන ආකාරය තිසරගේ බිරිඳ ඉන්ස්ටා ගිණුමට එක කර තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: