hit counter

2025 ජනවාරි මස 08 වන බදාදා

2023 මැයි 18, පෙ.ව. 1:09



මියගිය මාස පහක් වයසැති සිය බිළිඳාගේ මෘත ශරීරය බෑගයක දමාගෙන කිලෝ මීටර් 200ක් පමණ දුරක් බස් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

බිළිඳාගේ මෘත ශරීරය ගිලන් රථයකින් නිවසට රැගෙන යාමට අවශ්‍ය ඉන්දීය රුපියල් 8,000ක මුදලක් ඔහු සන්තකයේ නොතිබීම හේතුවෙන් මෘත ශරීරය මෙලෙස බෑගයක දමාගෙන බස් රථයකින් ඊයේ මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“මගේ මාස පහක් වයස පුතා ඊයේ රාත්‍රියේ සිලිගුරි හි උතුරු බෙංගාල වෛද්‍ය විද්‍යාල රෝහලේ දින හයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මිය ගියා. දරුවාගේ ප්‍රතිකාර වලට මම රුපියල් 16,000ක් වියදම් කළා. මගේ දරුවාගේ දේහය කලියාගන්ජ් වෙත ප්‍රවාහනය කිරීමට රුපියල් 8,000ක් ගිලන් රථ රියදුරෙකු ඉල්ලා සිටියා. එය ගෙවීමට මා සතුව මුදල් තිබුණේ නැහැ.” යනුවෙන් අෂිම් දෙබ්ශර්මා නැමැති මෙම පුද්ගලයා පවසා තිබෙනවා.

බසයෙන් මෘත දේහයක් රැගෙන යනබව දැනගත් පසු තමා එම බසයෙන් බස්සවනු ඇතැයි බියෙන් ඉතා හොර රහසේ එය රැගෙන යාමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: