hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:59



කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධියක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි, එම දරුවන් ගේ මව්පියන් චෝදනා කළේ.

කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා පසුගිය 08 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඇය ඊට පසුදින නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පිරිමි දරුවා පසුගිය 18 වැනිදා මියගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

මේ එහි දී සිය අදහස් පළ කළ, මිය ගිය දරුවන්ගේ ම..

“පුතා නැති වුණාම කිව්වා, ඔයාට දුව ඉන්නවා නේ. දුව හොඳයි. එයාව ගෙදර ගෙනියන්න පුළුවන් කියලා කිව්වා. ඊයේ දවල් දෙකට ගියාම, බබා හොඳයි. බබාගේ බර හොඳයි. සති 34 සම්පූර්ණ වෙනකම් මේ තියාගෙන ඉන්නේ. නැත්නම් දෙන්න පුළුවන් කියලා කිව්වා. මාව ගේන්න කියලා, මගේ වාට්ටුවේ අයවත් දන්නේ නැහැ. මාව එක්කගෙන ගිහින් මට වාඩිවෙන්න කිව්වා. එතකොට මම ඇහුවා ළමයා කෝ කියලා. බාබාට එකපාරට උණ ආවා. ලේ අඩු වුණා. එකපාරට හාට් එක නතර වුණා කියලා කිව්වා. එයාට ලෙඩක් තිබුණේ නැහැ කියලා විතරයි මම දන්නේ. එයාලා නිතරම කිව්වේ, හොඳ බබෙක් කියලා විතරයි.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවන් ගේ මව්පියන් කොහුවල පොලිසීයට පැමිණිල්ලක් ද කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිල්ල මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ද යොමු කර ඇති බවයි, කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: