hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:05



මෙවැනි මරණ එක දිගටම සිදුවීම ගැන ඇත්තටම මීට වඩා අවදානය යොමුකරන එක ඇත්තටම වැදගත් කාරණයක්..

ඒ දරුවන්ගේ මනස මේ තරම් දැඩි තීරණයක් ගන්න තරම් වෙනස් වුණේ කොහොමද…? මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන තවත් පැත්තකින් ඇසෙන කතාවක්..

නෙළුම් කුලුනෙන් පැන දිවි නසා ගත් රධ්‍යා ගුණසේකර පසුගිය ජුනි මස 02 වැනිදා කොළඹ අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් පැන දිවි නසාගත් සිසුවාගේ හා සිසුවියගේ හොඳම මිතුරිය බවට දැරියගේ පියා පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා..

ඉතින් මේ මරණය සිදුවෙන තුරුත් රාධ්‍යාගේ හැසිරිමේ වෙනසක් ඔවුන් නොදුටුවේ ඇයි..? පාසලේ ඇගේ මිතුරු මිතුරියන් සේම ගුරුවන්ට පවා ඇගේ මේ වෙනස දැනෙන්නට ඇති.. එය එසේ පවතිද්දී මේ සිද්ධියේදී නෙළුම් කුළුණේ ආරක්ෂක නිලධාරීන් ගැනත් කතා බහ වෙනවා..

ඇය මේ තැනට යාමට මත්තෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන නෙළුම් කුලුනට ඇතුළු වූ දැරිය එහි බිම් මහලේ ඇති පොදු වැසිකිලියට ගොස් සාමාන්‍ය ඇඳුමකින් සැරසී 29 වැනි මහලේ ඇති නැරඹුම් මැදිරිය වෙත පැමිණ තිබුණා…

නෙළුම් කුලුනේ පාලනාධිකාරිය සඳහන් කළේ, නැරඹුම් මැදිරියේ රැඳී සිටි දැරිය එහි පැමිණ සිටි අනෙක් පුද්ගලයින් සහ ආරක්ෂක නිලධාරීන් මග හැර පස්වරු 3ට පමණ ක්ෂණිකව ඉන් පනින අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව ඇති බවයි…

මීටර් 244 ක් උසින් පිහිටි 29 වැනි මහලෙන් පැන තිබූ දැරිය මීටර් 15ක් පමණ උසින් පිහිටි නෙළුම් කුලුනේ පෙති සහිත කොටස වන 3 වැනි මහලට ඇද වැටීමෙන් මියගිය ඇගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ආ දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණා…

මේ සිදුවීම සහ ඒ වන විටත් නැරඹුම් මැදිරියේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු සේවයේ නිරතව සිට තිබුණා..  මීටර් 244 ක් උසින් පිහිටි 29 වැනි මහලෙන් පැන තිබූ දැරිය මීටර් 15ක් පමණ උසින් පිහිටි නෙළුම් කුලුනේ පෙති සහිත කොටස වන 3 වැනි මහලට ඇද වැටීමෙන් මිය ගියා… එමෙන්ම අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන තිබූ දරුවන් එහි 68 වැනි මහලේ සිට 3 වැනි මහලට පැන තිබූ අතර එහි උස මීටර් 220කට අධිකයි…

රධ්‍යා දිවි නසා ගත්තේ ද, නෙළුම් කුලුනේ 29 වැනි මහලේ සිට එහි 3 වැනි මහල දක්වා මීටර් 229ක පමණ උසකින් පහළට පැනීමෙන්… මෙම සිද්ධීන් දෙක අතර යම් යම් සම්බන්ධතා පෙන්නුම් කරන බව එම සාක්ෂි මගින්ද තහවුරු වෙනව් කෙසේ වෙතත් මෙවන් පොදු ස්ථානයකදී ඇය සිදුකරගත් මෙම ජීවිත හානිය ගැන තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.. 

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: