hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 22, පෙ.ව. 7:25



“අනේ ලොකු අම්මේ. ඉක්මනට ඇවිත් මාව බේර ගන්න. අනුරාධ මාව මරන්නයි හදන්නෙ. එයා මාව මරනවා. අනේ බේරගන්න…“ අයේෂා දියණියගෙන් ලැබුණ එම ඇමතුමෙන් ඇගේ ලොකු අම්මාගේ ඇඟ සීතල වී ගියේ ඇය මෙවැන්නක් කිසිදිනක බලාපොරොත්තු නොවූ නිසායි.

එම ඇමතුමත් සමඟ දුරකතනය විසන්ධි වී ගිය බැවින් ලොකු අම්මා තව තවත් කලබලයට පත් වූවා.

ඇගේ ‘ඇස’ නතර වුවෙ ඔරලෝසුව වෙතය.

එවිට වේලාව රාත්‍රි 12.45 ට පමණ විය.

අයේෂා අට හැවිරිදි පුතු සමඟ ලොකු අම්මාගේ නිවෙසට ආවේ රාත්‍රී නවයහමාරට පමණ.

ඒ පැමිණ මොහොතක් කතා කරමින් සිට ඇය පිටව ගියේ නැවත මෙවන් වදනක් තමාට පැවසීමට යැයි නිකමටවත් සිතුනානම් ඇය සමඟ තමන්ද එම නිවෙසට යනවා නොවේදැයි සිතූ ලොකු අම්මා පුතා සහ ලේළිය සමඟ අයේෂාගේ නිවෙස බලා පිටත් වීමට පය ඉක්මන් කළා.

අයේෂා පදිංචිව සිටියේ බොරැල්ල, සර්පන්ටයින් පාරේ ජාතික මහල් නිවාස සංකීර්ණයේ ‘ඒ’ කොටසේ.

ලොකු අම්මා පදිංචිව සිටියේ ද ‘එම්‘ කොටසේ බැවින් නිවෙස් දෙක අතර දුර මීටර් 50 ක් පමණ වී තිබිණ.

ඔවුන් එහි යන විට නිවාස සංකීර්ණය පාමුල වැටී සිටියේ ‘අනුරාධය’.

මේ පිරිස දුටු විට ඔහු නැගිටීමට උත්සාහ කර නැවත වැටුණේ සවිබල සිඳී ගිය නිසා විය යුතුය.

මෙයින් තවත් තැති ගත් ලොකු අම්මලා සිවුවන මහලේ තුන්වන නිවෙස වෙත දිව ගියේ තත්ත්වය බරපතළ බව වටහා ගෙනය.

එහෙත් දොර අගුළු දමා තිබු නිසා ඔවුන්ට සිදු වූයේ දොර කැඩීමටයි.

අයේෂා සිටියේ සාලයේ ලේ විලක් මැද වැටීය.

1990 සුව සැරිය ගිලන් රථය ආවේ ලොකු අම්මලාගේ දැනුම් දීමටයි.

අයේෂා මිය ගොස් සිටි බැවින් ඔවුන් කටයුතු කළේ ගෙල සහ අත්වල තුවාල සහිතව මිදුලේ වැටී සිටි අනුරාධව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටය.

බොරැල්ල පොලිසියේ ජංගම මුර සංචාරක රථය ගමන් කළේ එම අවස්ථාවේ සර්පන්ටයින් පාර ආසන්නයේයි.

මෙම නිවාස සංකීර්ණය දෙසින් ඇසුණු කෑගැසීම පිළිබඳ සොයා බැලූ නිලධාරීන් මෙම ඝාතනය පිළිබඳ පොලිසියට දැනුම් දෙන අතර, පොලිස් හදිසි දුරකතන අංකයට ද ඇමතුම් ලැබී තිබුණා.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධනගේ අධීක්ෂණයෙන්.

මේ සිද්ධිය වූ දින ද දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීම ඝාතනයක් දක්වා දුරදිග යාමට වැඩි වෙලාවක් ගත නොවුණේ ඔහුගේ සිතේ මුල් බැසගෙන තිබු සැකය ඔඩුදුවා ඇති නිසා විය යුතුයි.

බිරිය ඝාතනය කළ අනුරාධ එම මහල් නිවාසයේ තෙවැනි මහලෙන් බිමට පැන්නේ ජීවිතය නැති කර ගැනීමට වුවත් තවමත් ඔහු ජීවතුන් අතරයි.

ඒ පොලිස් අත්අඩංගුවේ ආරක්ෂාව මැදයි.

මේ ඝාතනයට යොදා ගත් පිහිය පොලිසිය විසින් සොයා ගත්තේ ඔහු වැටි සිටිය ස්ථානයේ තිබියදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: