hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 12, පෙ.ව. 9:20



මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥක් වන ධනංජය නානායක්කාර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

කෙසේවෙතත් එහිදී ඔහු කියා සිටියේ රැකියාවට ආවා මිසක් ඇතුළාන්තය කොච්චර ගැඹුරුද කියා තමන් සොයා නොලැබූ බවයි.

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සංගීතා විරරත්නගේ ස්වාමියාගේ මාධ්‍ය ආයතනය වන සියත නාලිකාව ඒ සම්බන්ධයෙන් කතා නොකළ බව සියත ආයතනයේ සේවකයෙක් වූ ධනංජය නානායක්කාර පෙන්වා දෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ සඳහන් කළා.

තිකෝ සමූහයේ දින තුනක් සේවය කරපු මම CID එකට ගියා කියලා සියත Tv කළමනාකාරීත්වය හා එක්තරා වැඩසටහන් කළමනාකරුවෙක් මගේ නිෂ්පාදිකාවට කතා කරලා මගේ වැඩසටහන් නතර කලා. හේතුව මම CID එකට යෑම හා ආයතනයට ඒක කැලලක් වීම ලූ. මම දැන් අහනවා ඒ අයගෙන් සංගීතා මේ CID එකට ගිහින් තියෙන්නේ දවල් දානයක් දෙන්න ද.. ? දැන් සංගීතා දානය හොදට බෙදනවා ඇති ඒක නිසා ඒ බව උදේ පත්තරේටත් කියන්න. මොකද දින තුනක් හොදට දෙහි කැපුවනේ මට. මම සම්පූර්ණයෙන් ම වැරදිකාරයෙක් කියලා නේ හංවඩු ගැහුවේ. එහෙනම් සංගිතා ගේ මේ CID යෑමේ කෙරුවාව ත් කියන්න තිබුනනේ ඇයි නොකිව්වේ. සංගීතා එක්ක මගේ කිසිම තරහක් නෑ. මට තියෙන කණගාටුව මේ රටේ මොන ප්‍රශ්නය ආවත්, එක්කෝ දේශපාලනය නිසා, නැත්නම් ඒ අයගේ රුචිකත්වය නිසා, හැමදාම අපේම කේෂ්ත්‍රයේ ඉන්න අය කරන්නේ අපිව කපලා දාන එක. හැමදාම ඒකෙන් බැට කන්නේ අපි වගේ නිවේදකයෝ.

හොටෙල් ගානේ යහන් ගතවන අය යි, Studio අස්සේ සිපවැලද ගන්න අයයි, ගෙදර ගෑනී යි ළමනුයි ඉන්න කොට නාලිකාවේ වෙන ගෑනු එක්ක හුරතල් වෙන අයයි හැමදාම පත්තිනි වගේ සාරියයි ගවුමයි ඇදගෙන උදෑසන වැඩසටහන් අදටත් හොදට කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවගේ කිසිම කැළැලුත් නෑ.

කිසිදු පදනමක් නැතුව මගේ වැඩසටහන් නතර කලේ.

දැන් ඔබේ මේ උපදේශිකාවත් එළියට දානවද. පුළුවන්ද එහෙම කරන්න කොන්දක් තියේ ද..

Mrs සංගීතා වීරරත්න මට ඔබට කියන්න තියෙන්නෙ ඔබේ නාළිකාවේ වල් වැදුනු රා බී ඇති අය ඉන්න තාක්කල් මොන පින්කම කලත් වැඩක් නෑ. සිනමාවේ ඔබ තැබු නම ඔබේ නාළිකාවේම පූර්ණ ලමා විය සංවර්ධනය නොවු අය නිසා නැති කරගන්න එපා. කලාව ගැන දැනීම මට වඩා ඔබට තියෙනවා. මට වුන මේ දේ තවත් කෙනෙකුට කරන්න Mrs වීරරත්න ඔබ දැන්වත් ඉඩ දෙන්න එපා. මේ රටේ ජේෂ්ඨතම රංගවේදිනියක් ඔබට මාව Recommend කරේ. අද ඒ Recommend එක තියා ඔබේ වචනයවත් තඹ සතේකට ඒ අය මායිම් කරේ නෑ. වරදක් නොකර නාළිකාවෙන් මාව ඉවත් කිරීමේ සාධාරණත්වය කුමක් ද කියලා මම අද ඔබතුමියගෙන් අහනවා

1995 වසරේ තිරගත වූ ‘මාරුතය’ චිත්‍රපටයේ ඔබ දුම්වැටියක් උරන පෝස්ටරය ඔබට මතක ඇති.එය මෙරට සදාචාරාත්මක සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරන විට මගේ වයස අවුරුදු නවයයි.

විසි හත් වසරකට පසු එළැඹෙන අද දවසේ ද ලාංකේය සමාජයට පාසැල් සිසුවියක් දුම්වැටියක් ඉරීම කියන්නේ පුවත් මවන සහ රට කළඹවනසුලු සිදුවීමක්.

ඒත් එදා සමාජය ඔබව ඒ සිදුවීමෙන් ප්‍රතික්ෂේප කලා ද ?

නෑ නේද ? එසේ වුනි නම් ඔබ අද ඔතැන නෑ.. ඔබේ කලාව ඔබව වැරදිකාරිනියක ලෙස එදා හංවඩු ගැහුවානම් මාරුතයේ “කුමාරි”. / සප්ත කන්‍යා “දීප්ති” /, දුවට මවක මිස “තුෂාරි” / දොරකඩ මාරාවා,”සුභාෂිනි”/ වගේ චරිත බිහි නොවෙන්න තිබ්බා.

මම අහන්නේ එය එසේ නම් සදාචාරාත්මක සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරිමට සියතේ කලමනාකාරිත්වයට අනුව මම කල වරද කුමක් ද ? Mrs වීරරත්න ඔබත් මමත් කරන්නේ කලාවක්. මම මගේ දැනුම ඔබේ ආයතනයට ලබා දී සිදු වු වරද කුමක් ද ? ඔබට අත දුන් අය ඔබේ අත ගසා දැමුවීනම් අද ඔබ සාමාන්‍ය කාන්තාවක පමණි. මට කොහේ නැතත් ඔබේ නාළිකාව තුල විශ්වාසයක් තිබුනා මොකද ඔබ මානුෂීය හැගීම් මතින් දැනුම් තේරුම් ඇති අයෙක් නිසා. නමුත් එය මට අද අවිශ්වාසයට ද කරුණක් වුනා.

කෙසේ වෙතත් ඔබතුමිය,

සිනමාව නැමැති මායා ලෝක යුක්තිය ද

සැබෑ ලෝකයේ යුක්තිය ද විසදන්නේ කියා මා බලාපොරොත්තුවෙන් සිටිමි.

ස්තූතියි.

ධනංජය නානායක්කාර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: