hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 2:32



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිනක්ෂි ප්‍රියසාද් පසුගිය දවසක වැඩසටහනකට එක් වී පෞද්ගලික ජීවිතේ තොරතුරු බොහෝමයක් මේ විදිහට කියා තිබුණා.

සිංගල් මාම් සංකල්පය ගැන දිනක්ෂි හිතන දේ ?

ඒක ඇත්තටම උතුම් දෙයක්. තනියෙන් දරුවෙක් ව බලන එක ලේසි නෑ. මම දන්නවනේ ඒකෙ අමාරුව.. මාර ග්‍රේට් කියන එක තමා කියන්න තියෙන්නෙ. ඉස්සර නම් අම්මලා බයයිනේ. ඩිවෝස් වෙන්න වුණත් බයයි. නමුත් දැන් නම් මැරේජ් එකක් ඇතුළේ සතුටක් නැත්තම් දැන් කෙළින්ම ඔවුන් වෙන්වෙලා වෙන වෙන පාරවල් වල යනවා.

සමහර විවාහ දෙදරා යනවා? දරුවෝ නිසා ඉවසන අයත් ඉන්නවා?

ඒක තීරණය කරන්න ඕනේ පාට්නස්ලා. නමුත් එළියේ අය නම් තීරණ ගන්නෙ ඒක මම අනුමත කරන් නෑ. ඒ තීරණවලට අම්මලා තාත්තලාගෙ බලපෑම් තමා වැඩි. මැරේජ් එකකදි දරුවෝ ඉන්නම ඕනේ නෑ. මට වුණත් බබෙක් නැත්තම් මම මගේ හස්බන් එක්ක සතුටින් ඉන්නයි උත්සහා කරන්නෙ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: