hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 27, ප.ව. 2:30



මේ දවස්වල ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින් කිව්වොත් නිවැරදියි.

ඒකට හොදම උදාහරණය තමයි පසුගියදා ඉන්ධන පෝලිම්වල සිටි වෛද්‍යවරුන්ට මිනිස්සු සලකපු විදිය.

ඔවුන් වෛද්‍යවරුන්ට කියා සිටියේ අපි පෝලිමේ ඉදලා තෙල් ගහ ගන්නවා නම් ඕගොල්ලනුත් පෝලිමේ ඉදලා තෙල් ගහ ගන්න කියලයි.

මේ විදියට කියන එක කොයි තරම් සාධාරණ අසාධාරණයද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ.

ඉතින් එවන් පසුබිමක සිකුරාදා දවස සෞඛ්‍ය අංශය වෙනුවෙන් වෙන් කළා.

නමුත් එහිදීත් විශාල ප්‍රශ්න රැසක් මතු වුණා. ඒ හේතුවෙන් පණ අදින රෝගීන් දහස් ගණනක් ජීවිත ගැන බලාපොරොත්තු අත හැර ගන්න ඇති.

එවන් පසුබිමක හරි අපූරූ වෛද්‍යවරයක් ගැන පුවතක් කුලියාපිටියෙන් වාර්තා වෙනවා.

ඔහු නමින් ගාමිණී අබේසිංහ. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙක්.

ඔහු තම රෝගී සත්කාර සදහා පැමිණෙන්නේ පාපැදියකින් වීමයි මෙහි විශේෂත්වය.

ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන විට වෙනත් පාර්ශවයන්ගේ දෝෂදර්ශනයට ලක් නොවී ගැටලුවක් නොමැතිව මෙලෙස පාපැදියකින් රෝහල වෙත යන බව ඔහු කියා සිටියා.