hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 30, පෙ.ව. 12:23



නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, මිය ගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය පියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බවයි.

එනම්පුද්ගලයෙකු විසින් නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණා.

වෛද්‍යවරු විසින් එම දරුවා මියගොස් ඇතැයි අදාළ පුද්ගලයාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී වෛද්‍යවරු සමග උරණ වී අදාළ පුද්ගලයා දරුවාව රැගෙන ගොස් තිබුණා.

“මීට කලිනුත් දරුවට කලන්තයක් ඇවිත් දරුවා මැරුණා කියලා වෛද්‍යවරු මාව බය කරා, මම පෞද්ගලික රෝහලට දරුවා ගෙනිහින් බේරගන්නවා” යනුවෙන් පවසමින් එම පුද්ගලයා කේන්තියෙන් මෙන් දරුවා රෝහලට රැගෙන ආ බස් රථයේම දමාගෙන රැගෙන ගොස් තිබෙනවා.

එහිදී වෛද්‍යවරු විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කළ බව නුවරඑළිය පොලීසිය පැවසුවා.

හදිසි තත්ත්වයකින් පැමිණිම හේතුවෙන් දරුවාගේ හෝ අදාළ පුද්ගලයාගේ කිසිදු තොරතුරක් ලබාගැනීමට රෝහලට හැකියාව ලැබී නොමැත.

දරුවා රැගෙන පැමිණි බස් රථය සම්බන්ධයෙන් CCTV කැමරා පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව ද පොලීසිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: