hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 19, ප.ව. 6:46



බූලි වලට පෙට්‍රල් ඉන්ධන නිකුත් නොකරන නිසා ඉන්ධන නොමැතිව ප්‍රධාන මාර්ගයේ නතර වු ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිමට නානුඔය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු උපක්‍රමයක් භාවිතා කරමින් ඉන්ධන ලබා ගන්නා අයුරු ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

තම ත්‍රිරෝද රථයේ ඉන්ධන ටැංකිය ගලවාගෙන එම ත්‍රිරෝද රථයේ අංක තහඩුව ගලවාගෙන ගෙලෙහි එල්ලාගෙන එම ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ඉන්ධන ටැංකියට ලබාගෙන තිබෙනවා.

අප ඒ පිලිබදව එම රියදුරාගෙන කල විමසුමකට ඔහු කියා සිටියේ බුලි වලට ඉන්ධන ලබා නොදෙන නිසා ප්‍රධාන මාර්ගයේ නතර වි ඇති තම ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනිම සදහා මෙම ක්‍රමය භාවිතා කල බවයි.