2022 ජූනි 26, ප.ව. 3:26
මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නේ බොහෝ තාඩන, පීඩන මැද.
සමහර මිනිස්සුන්ට රස්සාවල් අහිමි වෙලා.
පවුලේ කිහිප දෙනෙක් පෝලිම්වල.
ගෑස් නැති නිසා කන්න විදියක් නැහැ.
තෙල් නැති නිසා රස්සාවට යන්න විදියක් නැහැ.
පොඩි දරුවන්ට දෙන්න කිරිපිටි ටික නැහැ.
එවන් පසුබිමක දිවා රෑ දෙකෙහිම බත් දන්සැලක් ලබාදුන් අපූරු පුවතක් ඉංගිරියෙන් වාර්තාවෙනවා.
දින ගණනාවක් තිස්සේ තම ඉන්ධන පිරවුම් හළ ඉදිරිපිටට වී ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක ජනතාව වෙත එහි හිමිකරු විසින් මෙම දන්සල් ලබා දී තිබෙනවා.
ඉංගිරිය, ඌරුගල ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කැලුම් ප්‍රසන්න මහතා සහ පිරිස විසින් සිදු කළ මෙම කාර්යය සියල්ලන්ගේම පැසසුමට ලක් වී තිබෙනවා.
බොහෝ දෙනෙක් මෙලෙස පෝලිම් වල සිටින්නේ කුසට අහරක් පවා නොමැතිවයි.


2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06