hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 22, පෙ.ව. 4:15



නාවලපිටිය බලන්තොට ප්‍රදේශයේ පදිංචි මිලාන් විජේනායක සහ ඔහුගේ පුත්‍රයා විසින් ගෑස් අර්බුද ට පිළියමක් ලෙස ඔහුගේ නිවසේම ජීව වායු ඒකකයක් නිර්මාණය කර තිබෙනවා.

රටේ පවතින ගෑස් අර්බුදය හමුවේ ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටීමට ඇති අකමැත්ත හේතුවෙන් තම පුත්‍රයාගේ අදහසට අනුව මෙම නිපැයුම සිදු කළ බවයි විජේනායක මහතා කියා සිටියේ.

ජලය පුරවන ජල ටැංකි සහ ජල නල උපයෝගි කර ගනිමින් පරිසර හිතකාමි ලෙස මෙම ජිව වායු ඒකකය නිපදවා තිබෙනවා.

මූලිකව රුපියල් 40,000ක පමණ වියදමත් මේ සඳහා වැය වුණු බවත්, ප්‍රථමයෙන්ම දිය කරන ලද ගොම, අළුහුණු, මී කිරි, පත්පාඩගම්, අරළු බුළු එක් කර වසා තබා සතියකට වරක් නැවත ගොම එකතු කිරිමෙන් සති 2 කට පසුව ජිව වායු ගෑස් නිෂ්පාදනය ආරම්භ වන බවයි මිලාන් විජේනායක මහතා කියා සිටියේ.

දැනට නිවසේ ඉවතලන ආහාර කොටස් කිලෝ ග්‍රෑම් එකක ප්‍රමාණයක් සහ ඒ සදහා සමාන ජල ප්‍රමාණයක් එකතු කිරීම මගින් දිනකට අවශ්‍ය ජිව වායු නිෂ්පාදනය කරගත හැකි බව විජේනායක මහතා කියා සිටියේ.

එමෙන්ම ජිව වායු නිෂ්පාදනයෙන් ඉතිරිවන කොටස් කාබනික පොහොරක් ලෙස තම ගෙවතු වගාවට යොදා ගන්නා බවත්,  මෙම නිපැයුම නිසා ගෑස් පෝලිම්වල නිකරුනේ තමන්ට කාලය ගත කිරීමට සහ ගෑස් සදහා විශාල මුදලක් දැරිමට සිදු නොවන බවයි ජිව වායු ඒකකය නිෂ්පාදනය කල විජේනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.