2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:06
රැකියා නියෝජිතායතන මගින් විවිධ කාන්තාවන් නිවසේ ගෘහ සේවයට ගෙන්වා ගනිමින් ඔවුන්ට ලිංගික අතවර කර ඔවුන් සතු රන් ආභරණ හා මුදල් කොල්ලකෑ බව කියන යුද හමුදා නිලධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරියකු බව පොලිසිය පවසයි.
මෙම සැකකරු මෙරට රැකියා නියෝජිතායතනයක් මගින් හුරුලු නිකවැව කුඹුක්වැව පදිංචි පනස් පස් හැවිරිදි කාන්තාවක් නිවසේ ගෘහ සේවය සඳහා ගෙන්වාගෙන තිබෙනවා.
එම නිවසේ හාම්පුතා සමගින් බිරිඳ හා දරුවන්ද සිටින බව සඳහන් කළත් නිවසේ පදිංචිව සිට ඇත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියා පමණි.
රාත්‍රි දෙකක් එම නිවසේ රඳවාගෙන තමන් නිවෙස් හිමි පුද්ගලයා බලහත්කාරයෙන් දූෂණය කළ බවත් ඔහු දුරකථන ඇමැතුමක් ගනිමින් සිටියදී තමන් නිවසින් පලා ආ බවත් මෙම කාන්තාව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇත.
හාම්පුතාගේ නම හෝ තමන් රැඳී සිටි නිවසේ ලිපිනය නොදන්නා බවත් මෙම කාන්තාව සඳහන් කර තිබෙනවා.
මෙම කාන්තාවගේ තොරතුරුවලට අනුව විමර්ශන සිදුකළ බණ්ඩාරගම පොලිසිය ඇය රැකියාවට පැමිණි නිවස හඳුනාගෙන එම නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර හමුදා නිලධාරියා මෙයාකාරයෙන් රැකියා නියෝජිත ආයතනවලට රැකියා සොයා පැමිණෙන කාන්තාවන් වරින් වර මෙහෙකාර සේවයට යැයි පවසා ගෙන්වාගෙන ඔවුන් සමග ලිංගිකව එක්වී ඔවුන්ගේ දේපළ කොල්ලකා පලා යන පුද්ගලයකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25