hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 26, ප.ව. 1:34



සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියක් බව සඳහන්.

මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබන අතර කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින්මෑතකදී ඇය ඔහුගෙන් වෙන් වී ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

සැකකාර සරසවි සිසුවා යළිත් තමා සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වන ලෙස සරසවි සිසුවිය ට දිගින් දිගටම ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

සරසවි සිසු පෙම්වතා ඊට පළිගැනීමක් ලෙස ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර වාරයේ ලබාගත් ඇයගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක් මවට, සහෝදර සහෝදරියන්ගේ ජංගම දුරකථන වලට වට්ස්ඇප් මගින් යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: