2023 සැප්තැම්බර් 24, පෙ.ව. 12:00
“ඒක ප්‍රේමයක්.. කවදාවත් ඉවර නොවුණු ප්‍රේමයක්…මං ඒක වින්ඳා.. වින්ඳේ නෑ නෙවෙයි… ගොඩක්ම වින්ඳා..අදටත්… මට එයාව මතක් වෙනවා..මේ කතාව මගේ හස්බන් වත් දන් නෑ… ඒක දැනන් හිටිය කවුරුත් මට අද වෙනකන් හානියක් කරලත් නෑ..මට දැන් ඕනි මේ කතාව කාටහරි කියලා හිත නිදහස් කරගන්න..”
එයා කතාව පටන් ගත්තා. කෙල්ලෙක් වුණාට එයාට තිබ්බෙ කොලු පෙනුමක්.. දිග කලිසමයි… කොට කොණ්ඩෙයි..
අම්මපල්ලා.. ඈතට පේන්නෙ කොල්ලෙක් වගේමයි… මම නෙවෙයි, ඕන එකෙක් රැවටෙනවා..
හරි… දැන් කතාව අහන්නකෝ…! ආ එයාගේ නම නිශානි…………….
“මං ගියේ මික්ස් ස්කූල් එකකට. ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම මං කොල්ලෙක් වගේ හැදුනේ. කොටින්ම බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන මානසිකත්වයක් තිබුණේ නෑ මට.. කොල්ලෙක් වගේ කොල්ලො රංචු එක්ක ක්‍රිකට් ගහනවා, රවුම් ගහනවා. එකක් නෙවෙයි. විශ්වාස කරන්න උසස් පෙළ කරද්දි කොල්ලොත් එක්ක සිගරට් එහෙමත් බිව්වා. ඒ තරම් ෆෝවඩ් චරිතයක් මම… මගේ හොඳම යාලුවා ප්‍රසාදි.. ස්කූල් එකේ උසස් පෙළ කාලේ හිටපු ලස්සනම කෙල්ල.. කොල්ලො හැමදාම පස්සෙන් එනවා…”
“ප්‍රසාදිට ලස්සන හිනාවක් තිබ්බා. මට ඒ දවස්වල ඉඳන්ම තේරුණා මට කොල්ලෙක්ව වුවමනා නෑ කියලා. ඒ වෙනුවට මම ඉමේජින් කළේ කෙල්ලෙක්ව.. ඒ හැමතැනදීම මම ආස කළේ නිශානිට.. මම හිත දීලා ඉවරයි. හැබැයි එයාට කිව්වේ නෑ. මම මුලින්ම ඒක කිව්වේ අපි උසස් පෙළට පාඩම් කරන දවස්වල.. ඒ ටිකෙම මං එයාගේ ගෙදර නැවතිලා හිටියේ. මගේ ආදරේ ඇහුවම එයා පුදුම වුණෙ නෑ. එයා කිව්වා එයාට ඒක දැණුනා කියලා. හැබැයි එයා කැමති නෑ කිව්වා. මොකද මේක කවදාවත් වෙන් නැති නිසා..”
“එයා එහෙම කිව්වට එයත් නොදැනුවත්ම අපි ළංවුණා ගොඩක්. අන්තිමට සීමාවල් ගැනවත් හිතුවේ නෑ. නැතුවම බැරිවුණා අපිට අපිව.. අපි දෙන්නා ලංකාවේ නොගිය තැනක් නෑ. ස්කූල් ඉවර වෙලා තනිකරම කළේ රවුම් ගහපු එක.. අපේ ස්කූල් එකේ උන් ඇරෙන්න ගොඩක් අය අපි දෙන්නගේ සම්බන්ධය දැනගෙන හිටියේ නෑ. ගෙදර අය නම් කොහොමත් දන්නෙ නෑ..”
“ස්කූල් එකේ නම් කොල්ලො පට්ට ඉරිසියයි ලව් එකට. උන් වොෂ් රූම්වලටත් අපේ නම් ගහලා තිබ්බා, ආප්ප කිය කිය දාලා. ඔය විදිහට චාටර්ම කෙරුවා අපිව. හැබැයි අපි මාර ලව් එකේ හිටියා. මගේ ජීවිතේ ලස්සනම අවුරුදු දෙක.. මාර ලස්සනයි… ඒත් අපි හැඟීම් වින්ඳට අපිට අපිව අයිති නෑනේ. එයා මැරි කළේ එයාගේ ම මස්සිනා කෙනෙක්ව. එයාගේ වෙඩිම දවසේ මම ගියා. එදා රෑ මම අත කපාගෙන පිස්සුවකුත් නැටුවා. හැබැයි එයා මට පස්සෙ තේරුම් කළා..”
“අදටත් එයා මට කතා කරනවා. මම ඉක්මණින් ඒ ජීවිතෙන් මිදුණා. දැන් මමත් මැරීඩ්… හස්බන් දන්නවා මේ කතාව.. හස්බන් කියන්නෙ මගේ හොඳම යාලුවා. එයා මගේ ජීවිතේට ආපු එක පහසුවක් වුණා. අපේ වගේ රටක, සාම්ප්‍රදායිකව හිතන රටක ඒ විදිහට ජීවත් වෙන්න අමාරුයි.. මට දුකයි වුණත් මම එයා දිහා බලලා අදටත් සතුටු වෙනවා…”
“අයිති වීමම නෙවෙයි ආදරේ.. එයා ගියාට මට ආදරේ කරන්න තහනමක් නෑනේ..”
2025 සැප්තැම්බර් 15, පෙ.ව. 12:11
2025 සැප්තැම්බර් 15, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 14, පෙ.ව. 12:02
2025 සැප්තැම්බර් 14, පෙ.ව. 12:01
2025 සැප්තැම්බර් 13, පෙ.ව. 12:09
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25