hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 19, පෙ.ව. 12:00



කොළඹ තරු පහේ හෝටලයකදී තරුණියක දූෂණය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙක්.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය ද එම ආයතනයේ සේවය කරන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරනවා.

කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇතැයි කියයි.

කෝටිපති ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මත තරුණිය ද එම තරු පහේ හෝටලයට ගොස් තිබෙනවා.

සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණයට ලක්කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.

තරුණිය මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනවා.

තරුණිය කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා, කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරනු ලැබුවා.

තරුණිය කැමැත්තෙන් තමා සමග පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි ද කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: