hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 21, පෙ.ව. 12:02



යුද හමුදා සෙබළෙකු වන සැමියා සහ දරු තිදෙනා තමන්ට අවශ්‍ය නොවන බව කියා අනියම් සැමියා සමඟ ගිය කාන්තාවක පිළිබඳ කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි කාර්යාලයෙන් වාර්තා වෙනවා.

සිය දරු තිදෙනා සමග මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටියේ මොරගොඩ පොලිස් වසමේයි.

සැමියා යුද හමුදා සෙබළෙක්.

බිරිඳගේ දෛනික කටයුතුවල පහසුව සඳහා සෙබළ සැමියා ගෙවීමේ පදනම මත ඇයට යතුරු පැදියක් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද මිලදී ගෙන දුන්නා.

සැමියා සේවයට ගිය අතරේ එක්තරා දිනෙක බිරිඳගේ ජංගම දුරකථනයට අමතුමක් ලැබුණා.

ඒ ගම්පොළ ප්‍රදේශයේ තරුණයෙකුගෙනි. එදා ඔවුන් අතර ඇතිවූ හිතවත්කම අනියම් ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනයට වැඩි කාලයක් ගත වූයේ නැත.

වසරක කාලයක් ඇය මෙලෙස රිසි සේ සිය අනියම් සැමියාගේ අසුරු කළේ සිය සැමියාට සහ දරුවන්ට හොර රහසේයි.

දිනක් සේවයට ගිය සැමියා අහම්ඹෙන් නිවසට පැමිණ ඇත. එහිදී ඔහු දුටුවේ ද‍ෙඇස් අදහා ගත නොහැකි දසුනක්.

ඒ සිය බිරිඳ අනියම් සැමියා සමඟ නිවස තුළම පෙම් සුව විඳින අයුරුයි.

බිරිඳ හෝ අනියම් සැමියා සමග ආරාවුලට නොගිය සෙබළ සැමියා මොරගොඩ පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් යොමු කළා.

මොරගොඩ පොලිසිය මෙම සිද්ධිය කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි කාර්යාලයට යොමු කළේ ඊට විසඳුමක් ලබා දීමේ අටියෙන්.

ඒ අනුව පැමිණිලිකාර සෙබළ සැමියා, බිරිඳ සහ අනියම් සැමියා සහ දරුවන්ද ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න විසින් පරිවාස නිලධාරි කාර්යාලයට කැඳවා තිබුණා.

එහිදී කාන්තාව පවසා ඇත්තේ සෙබළ සැමියා සහ දරුවන් තිදෙනා නොව තමන්ට අවශ්‍ය වසරක කාලයක් ඇසුරක් පවත්වා ගෙන ගිය අනියම් සැමියා පමණක් බවයි.

පසුව ත්‍රිරෝද රථයක් ගෙන්වා ගත් කාන්තාව වසර ගණනාවක් තමන් රැක බලා ගත් සෙබළ සැමියා සහ තම කුසින් උපන් දරුවන් තිදෙනා ද අතහැර අනියම් සැමියා සමග පිටව ගියා.

සෙබළ සැමියා දරුවන් තිදෙනාද කැටුව පරිවාස කාර්යාලයෙන් නික්ම ගියේ හැඬූ කඳුළෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: