hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 13, ප.ව. 4:52



පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි  රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට  සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග  අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවා.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: