2023 අගෝස්තු 18, පෙ.ව. 12:05
ප්‍රේම සම්බන්ධය නැවැත්වූයේ යැයි කියමින් ලිංගික එක්වීම් අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මහ දවල් වේයන්ගොඩ ප්‍රදේශයේ දී වයස දහ අටක තරුණියකට පහර දුන් බව කියන දහ අට හැවිරිදි සැකකරුවකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා 16 වැනිදා පස්වරුවේ තරයේ අවවාද කර කොන්දේසි සහිත රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළා.
වේයන්ගොඩ ගුවන් පාලම අසල දී දහ අට හැවිරිදි තරුණියකට පහර දුන්නා යැයි කියන සිද්ධියක් සම්බන්ධව වේයන්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා කරුණු දක්වමින් වේයන්ගොඩ ගුවන් පාලම අසල දී 18 හැවිරිදි තරුණියකට පහර දෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව කියා සිටියා.
සැකකරු පහර කෑමට ගොදුරු වී ඇති තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඇය එම ප්‍රේම සම්බන්ධය නැවැත්වූවා යැයි කියමින් ප්‍රේම සම්බන්ධය පැවැත්වූ කාලයේ වීඩියෝ හා ජායාරූපගත කර තිබූ ලිංගික එක්වීම් අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පහරදීම කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.
මොහු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති ජංගම දුරකතනය තුළ එම අසභ්‍ය දර්ශන තිබෙන බවත් එම දර්ශන මොහුගේ ලැප්ටොප් පරිගණකය තුළ ද ගබඩා කර ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
නීතිඥ අයේෂා කුමාරි මහත්මිය කරුණු දක්වමින් පළමු ප්‍රේමය කඩාදැමීම හේතුවෙන් ඉවසා ගැනීමට නොහැකි වීම නිසාම මේ තත්ත්වය උදා වූ බවත් මින් ඉදිරියට මෙවැනි දේ නොකරන බවට සැකකරු පොරොන්දු වන බවත් ඔහුගේ මව ද අධිකරණයට පැමිණ සිටින බවත් පවසා සිටියා.
පොලිස් ස්ථානාධිපතිවරයා නැවත කරුණු දක්වමින් සැකකරුට ප්‍රේමය අහිමි වූවා යැයි කියන සිද්ධිය හේතුවෙන් මානසික තත්ත්වය අනුව පැමිණිලිකාරියට අනතුරක් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කියා සිටියා.
එසේ කිසි දෙයක් නොකරන බවට සැකකරු පොරොන්දු වෙනවා යැයි නීතිඥවරිය කියා සිටියා.
මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් ඉදිරියට කිසියම් සිද්ධියක් සිදු කළහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවට සැකකරුට තරයේ අවවාද කරමින් එසේ කොන්දේසි සහිත ශරීර ඇප නියම කළා.
ලැප් ටොප් පරිගණකය පොලිසියට භාර දෙන ලෙසට ද සැකකරුට නියෝග කෙරුණා.
නැවත මෙම නඩුව කැඳවීම ජූනි මස 27 වැනිදාට කල් තැබිණ. සැකකරු වෙනුවෙන් නීතිඥ අයේෂා කුමාරි මහත්මිය පෙනී සිටියාය. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන හා එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ. ඒ. ඒ. නන්දසිරි යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූවා.
2024 දෙසැම්බර් 04, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 02, ප.ව. 4:30
2024 දෙසැම්බර් 02, පෙ.ව. 11:10
2024 දෙසැම්බර් 02, පෙ.ව. 12:03
04-12-24
04-12-24
04-12-24
04-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24