hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 17, පෙ.ව. 12:16



කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා 11 වනදා පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක්.

හෙද සිසුවියක් වන මියගිය තරුණිය ලබන සතියේ සිය පත්වීම ලබාගැනීමට නියමිතව තිබුණා.

පහරකෑමෙන් කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යැවුණු තරුණයා 22 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

මේ දෙපළ දීර්ඝ කාලයක් තිස්සේ විනෝද සංචාරවල නිරත වෙන ස්වභාවික පරිසරයට ආදරේ කරන රට පුරා ඇවිදින දෙපළක්.

කෙසේ වුවත් ඔවුන් සම්බන්ධයෙන් විවිධ දෑ සමාජ ජාලාවල සැරිසරද්දි මියගිය තරුණියගේ පියා වන වී. ජී. රත්නසිරි එම මරණය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වලා තිබුනා.

“මියගිය දුව කුරුණෑගල නර්සිං හෝම් එකේ දැනට අවුරුද්දක විතර ඉඳලා පාඨමාලාවක් කරමින් හිටියා. මේ 14 වෙනිදා එයාට ආයතනයක රැකියාවක් භාර ගන්න තිබුණා. එහෙම තියෙද්දී තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගැන අපි කිසිම දෙයක් දන්නේ නෑ. අපට කිවුවෙත් නෑ. මම හිතනවා, වන අලියකුගේ පහරදීමෙන් දුව මියයන්න ඇති කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: