hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූනි 01, පෙ.ව. 12:01



ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළදී තම සහකරුවාගෙන් ශාරීරිකව හෝ ලිංගිකව හිංසනයට ලක්ව ඇතැයි මෑතදී සිදුකළ සමීක්‍ෂණයක් මගින් හෙළි වී තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා, එකට ජීවත්වන සහකරුවා හෝ පෙම්වතා ලෙස හඳුන්වන මින් ඕනෑම සමීප සහකරුවෙකු ගෙන් මේ ශාරීරික හා ලිංගික හිංසන සිදුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කොළඹ කාර්යාලය විසින් පසුගියදා පැවති වැඩමුළුවකදී මේ තොරතුරු ආනාවරණය වී තිබෙනවා.

මෙසේ ශාරීරික හිංසනය අත්විඳි කාන්තාවන්න් ගෙන් බොහොමයක් ලිංගිකව ද හිංසනයට ලක්ව තිබූ බවයි මෙම සමීක්‍ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

මෙම සමීක්‍ෂණයේදී කාන්තාවන් මුහුණ දුන් බවට වඩාත් සුලභව වාර්තා වූ හිංසන හැසිරීම් රටාව වූයේ සහකරු විසින් කාන්තාව තම පාලනයට නතුකර ගැනීම වෙනුවෙන් කරන ලද බලපෑම වූ අතර එය සියයට 19.1 ක් බව ද හෙළි වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: