2022 මැයි 05, ප.ව. 9:28
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කළ බව කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් 13 දෙනා හට ඊයේ රාත්‍රියේදීම ඇප හිමි වුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම මඳහා නීතිඥයින් අති විශාල පිරිසක් කඩුවෙල අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේ ඉඩකඩ සීමාවීම හේතුවෙන් ඔවුන් අධිකරණ භූමිය පුරා විසිර සිටින අයුරු දක්නට ලැබුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහේස්ත්‍රාත් නිල මැදිරියේදී කියාසිටියේ විශ්වාසභංගය ගැන කතානායකවරයාට ලිපියක් භාරදීමට ගිය පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.
ඒ අනුව එම තරුණයන් අරගලකරුවන්ගේ ජයඝෝෂා මැද යළි රාත්‍රියේදීම අධිකරණයේ සිට ගෝඨාගෝගම අරගල භූමියට එක් වුණා.
2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:27
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04