hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 19, ප.ව. 5:13



ගෝඨා ගෝ ගම ගෝල්ෆේස් අරගල භූමියට ලිපියක් ලැබී තිබෙනවා.

කැඳවුම්කාර කණ්ඩායම, නීති අංශය, ගෝඨා ගෝ ගම, ගෝල්ෆේස් අරගල භූමිය, කොළඹ 01 ලෙසයි මෙහි ලිපිනය සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සමාජයේ පිලිගත් ස්ථානයකට සාමාන්‍ය ලිපියක් ලැබී ඇත්නම් තැපැල් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට අනුව එය බෙදා හැරීමට දෙපාර්තමේන්තුව බැදී සිටින බවයි.

එහෙත් ලියාපදිංචි තැපෑල මඟින් යොමු කරන ලිපි එලෙස බෙදා හැරීමේ හැකියාවක් නොමැති බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.