hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 6:22



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

එම තරුණියගේ උපන්දිනය ඊයේ දිනයට දී තිබුණා.

උපන්දිනය යෙදී තිබුණු දිනයේම ඇයගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක්.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.

ඇයගේ සහෝදරයාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයාට සිය විරෝධය එල්ල කරනු ලැබුවා.

ඔහු මෙසේ සඳහන් කර සිටියා,

“උදේ 5ට එයා සර්ජරි එකට අරගෙන සර්ජරි එකේ වැඩ කටයුතු ඉවර වෙලා උදේ 8ට එයාව කාමරේට ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ එයාට මුත්‍රා ලේ පාටින් යන්න ගත්තා. ඊට පස්සේ බඩ ඉදිමෙන්න ගත්තා. ඒ විගසම එයාව අයි සී යූ එකට ගත්තා. වෛද්‍යවරයා මාර සිම්පල් විදියට කතා කලේ. මේක පොඩි දෙයක් කියලා සිම්පල් ඇවිල්ලා කතා කළේ. මගේ පැත්තෙන් මගේ වැඩ කටයුතු මම හරියට කළා. එයා ගොඩක් වේදනා විදලා 25 අයි සී යූ එකේ ඉදලම සදහට අපෙන් වෙන් වුණා. මම බලධාරීන්ට කියන්නේ මගේ අක්කට මේ වුණා වගේ සිද්ධියක් ආයේ කාටවත් වෙන්න දෙන්න එපා කියලා.”

“එයා ගොඩක් වේදනා විදලා නැති වුණේ” – සැත්කම වැරදීමෙන් මිය ගිය හර්ෂණී ගැන කියමින් සොහොයුරා සංවේදී වෙයි

ජීවිතයෙන් සමු ගන්න කලින් හර්ෂණී සැමියා සමඟ රෝහලේගත කළ සුන්දර වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: