hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 1:25



බොහෝ දෙනෙකුගේ හදවත් සසල කරමින් ඊයේ උදෑසන සිටම සමාජ මාධ්‍ය දෙවනත් කරමින් ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ දැනට අනාවරණය වන කරුණු වලට අනුව ඇය හර්ෂණී ධර්මවික්‍රමයි.

දහසකුත් බලාපොරොත්තු මැද හර්ෂණී මීට දවස් 18කට පෙර විවාහ වුණ ඇය හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා රෝහලගත කල නිසා නොසැලකිලිමත් වෛද්‍යවරයෙකු නිසා මෙලොව හැර යන්නට වේයැයි කියා ඇය කිසිවිටකත් නොසිතන්නට ඇති.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පිත්තාශායේ ගල් ඉවත් කිරීමේ සැත්කමකට වත්තල පෞද්ගලික රෝහලේදී මුහුණ දුන් ඇය අවසානයේ සැත්කම සිදු කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම නිසා මෙලොව හැර ගියා.

ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට හානි වීම මරණයට හේතුව බව තවදුරටත් සදහන් වෙනවා.

සැත්කම වැරදුණ මොහොතේම ඇය රාගම ශික්ෂණ රෝහලට මාරු කළේ ඇය අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා.

දවස් 25ක් දැඩි සත්කාර ඒකකයේ මාරයා සමග සටන් වැදුණ ඇය සදහටම දෑස් පියා ගත්තේ සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමින්.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.

(මෙම සියලු ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඒවායි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: