hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 5:28



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

එම තරුණියගේ උපන්දිනය ඊයේ දිනයට දී තිබුණා.

උපන්දිනය යෙදී තිබුණු දිනයේම ඇයගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක්.

ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.

ඇය අද හැමෝවම අඩවමින් අවසන් ගමන් යනවා.

ඇයගේ වියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් එකතුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: