hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 22, ප.ව. 5:06



බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රව අද (22) ඇප මත මුදා හැරියා.

ඒ කොළඹ මහාධිකරණය කළ නියෝගයකට අනුවයි.

ඒ ඇයගේ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර, 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන පහරදීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය වීම හේතුවෙන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එලෙස අධිකරණයෙන් ඇප නියම වුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රව නිවස වෙත රැගෙන යාමට සිය සැමියා සහ දරුවන් ඇවිත් හිටියේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: