hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 31, ප.ව. 1:21



හිත ඉල්ලන තරු වැඩසටහන කියන්නේ ගොඩක් දෙනෙක් ආදරයෙන් වැලදගත් වැඩසටහනක් කිව්වොත් නිවැරදියි.

ඒ වැඩසටහනට ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න එක හේතුවක් තමයි රංගන ද සිල්වා කියන්නේ.

ඔහු ඒ වැඩසටහන හොදින් මෙහෙයවනවා වගේම ප්‍රේක්ෂකයන්ව නොයෙක් දේ කරමින් සිනා සාගරයක ගිල්වනවා.

බොහෝ විට හිත ඉල්ලන තරු වැඩසටහන ට්‍රෙන්ඩින් පවා එනවා.

හිත ඉල්ලන තරු වැඩසටහනේ වෙනසක් වුණා රංගන ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වීමත් එක්කම.

රංගනගෙන් පසු එම වැඩසටහන මෙහෙය වූයේ ජයන්ත අතපත්තු සහ සංජුලා රවිශ්මි විසින්.

නමුත් මේ පළවෙනිදා සිට නැවත හිත ඉල්ලන තරු වැඩසටහන මෙහෙය වන්නේ ළහිරු මුදලිගේ විසින් කියලා තමයි ආරංචිය.

ලහිරු මුදලිගේද මිට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ සේවය කළ අයෙක්.

ඔහු මේ වන විට තමන්ගේම යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: