hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 04, පෙ.ව. 12:08



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

ඊයේ අපි ඔබට කිව්වා මතක ඇති මාධවී සිය පියා ගැන කිව්ව කතාව.

ඇය එහිදී කියා සිටියේ වෛද්‍යවරුන් කියන දේ විශ්වාස කරගෙන සිටින බවයි.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ පසුගියදා යුටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

“ඇත්තටම ඔහු සුව වෙමින් ඉන්නවා. අද වෙනකොට සෑහෙන්න ප්‍රගතියක් පෙන්නුම් කරනවා. ඔහු දෑස් විවර කරන්න පටන් අරන් දැන් මාස 4ක් 5ක් වෙනවා. ඔහු ඇස් අරිනවා. කට හොලවනවා. ඔහු හැඟීම් ඉඟි වලින් දෙනවා. ඔහු සුවය කරා ලං වෙමින් ඉන්න බව පේනවා”

කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ජැක්සන් ඇන්තනිගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය ඉහත පළ කළ අදහස් සම්බන්ධයෙන් ඇය වෙත ලියූ ලිපියක් හුවමාරු වෙමින් පවතිනවා.

එම ලිපිය පහතින්,

කුමාරි මුණසිංහ..

ඔයාගේ සැමියා ඔයාට වටින නිසා මැෂිමෙ තියාගෙන හිටියට , ඒ වගේම ඉතාම වටිනා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න හයිකරපු මැෂින් දවස් තුන හතරකින් පස්සේ ගෙදර අයටත් දැනුම් දීලා දොස්තරලා ගැලෙව්වා. හිත හදාගත්ත මිනිස්සු ඒ මැෂිමෙන් තව ජීවත් වෙන්න වෙර වීරිය දරන මිනිසුන්ට අවස්තාව දීලා අයින් වුනේ වෛද්‍යවරුන්ගේ කීමට අවනත වෙලා. මොළයක් මිය ගිය පසු කෙනෙක් මැෂිමෙන් කවදා වෙනක් ජීවත් වෙන්නද මංදා.

අනික ඔය කුමාරි වගේ තමන්ට තමන්ගේ ආදරණීයයන් වටිනවා කියමින් මැශිමෙන් ගලවන්න එපා කියලා සාමාන්‍ය මිනිහෙක් ඉල්ලීමක් කරලා දවස් 400 නෙවෙයි දවස් 5ක් වත් ඉන්න පුලුවන් වෙයිද. වැඩිම වුනොත් දවස් 30යි. එහෙම හැමෝම තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඉල්ලීමක් කලොත් …. මොනවගේ තත්වයක් උදා වෙයිද. මේ වගේ රටක මේ වගේ මැෂින් ටිකකට මේ වගේ මරණයට කැපවුන මිනිස්සු හයි කරගෙන හාස්කමින් සුවවෙනකං කොයිතරම් කාලයක් බලං ඉන්නද.

හැමෝම මේ මැෂන් එකට හයි කරපු බටය ගලවන්න කියන්නේ හිතකින් නෙවෙයි . හිත හදාගෙන. ඔබට ඒ තැනට එන්නට හිතන්නට බැරි වුනේ ජැක්සන්ව අතහැර යාමට ඇති අකමැත්ත නිසාද නැත්නම් ජනතාවගෙන් පලිගන්න තියෙන ආසාව නිසාදැයි මම දන්නේ නැහැ.

දවස් 400ක් කියලා අපි ගනන් බැලුවොත් දවස් 4ක් ගානේ එක රෝගියෙකුට වෙන් කලොත් රෝගීන් 100ගෙ අවස්ථාවක් තමයි මොලය මිය ගිය ජැක්සන් ගේ නාමයෙන් අරගෙන තියෙන්නේ. අඩුම ගානේ ඉන් රෝගීන් 20 වුනත් අද ජීවත් වෙන්න තිබ්බ අවස්තාව ඔහු බිලි අරගෙන. මේ විදිහට මේ අවස්තාව උදාහරණයකට අරගෙන කුමාරි වගේ, මැෂිමෙ හයි කරලා ඉන්න ජැක්සන් සනීපවෙලා ගෙදර එනකං බලන් ඉන්නවා වගේ එයාලාත් එයාලගේ ලෙඩා සුවපත් වෙනකං මැෂිමක තියාගන්න ඕන කිව්වොත් එයාලා ඒ දේ කරයිද? මහජන මුදලන් නඩත්තු වෙන රෝහලක ජනතාවගේ අයිතිය ගැනවත් අබමල් රේනුවකවත් නොහිතා මේ කරන වැඩෙන් ඔබ සහ ඔබගේ පවුලේ අය ගැන ඇතිවන ජනතා අප්‍රසාදය දවස ගානේ ජැසන් එක්කම වලදමමින් සිටිනවා.

මොළය මිය ගිය කෙනෙක් හාස්කමකින් සුව වෙනවා යයි හිතනවා නම් ඔබට ජැක්සන් ගෙදර ගෙනවිත් හෝ වෙනම පෞද්ගලික රෝහලක තබාගෙන ඒ වෙනුවෙන් කාලය මිඩංගු කලාට අපේ අකමැත්තක් නැත. රජයේ රෝහලක ඒ වෙනුවෙන් රෝගියෙකුට ඉඩ වෙන් කිරීම මොනතරම් සාධාරණදැයි ඔබගේ හදවතට තට්ටු කර අසන්න.

උපුටා ගැනීමක් Anusha Samaranayake





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: