hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:02



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා. එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

අන්න එහෙම බලාපොරොත්තු සහිතව බලාගෙන ඉන්න ආදරණීයන් වෙනුවෙන් ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුත් අකිල, තම පියාගේ නවතම තතු මේ විදියට අනාවරණය කර තිබුණා.

ඒ, පියාගේ තත්ත්වය කොහොමද යන්නෙන් එක්තරා රූපවාහිනි වැඩසටහනකදි නැඟුණු ප්‍රශ්නයකට දිගු පිළිතුරක් ලබාදෙමින්….

”දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා. විවිධ කතන්දර තියෙනවා. අපිට ඒවා අදාළ නෑ. හේතුව අපි කරන ක්‍රියාවලිය, මං කියන්නෙ දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් කියවන්නෙ නෑ. ජැක්සන් ඇන්තනී කියන්නෙ වැඩ ගොඩක් කරන මනුස්සයෙක්නෙ ඒත් අහලා බැලුවොත් එහෙම, හැම පවුලේ කටයුත්තකටම අපේ නෑදෑයෝ ඔක්කොගෙම අපේ අම්මගෙ අම්ම ද හැම කෙනෙක්ම බලන්න එක්කන් ගියා. යන හැම වෙලාවකම කියපු දේ තමයි මේවා දකිනකොට තමයි අපේ ළමයි අපිව බලාගන්නෙ කියලා. මේ වෙලාවෙ අපි කරන දේවල් සියල්ලම දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් හින්දා ඒවා මහ ලොකු වැඩ නෙවෙයි. මට ප්‍රශ්න කෝටියක් තියෙනවා කියලා උදේට ශූටින්වලට ගිහින් කියනවා නම් මම ඊයේ අරෙම මෙහෙමයි කියලා ඒකෙන් වැඩක් නෑ.ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල්වත් කිසිම දෙයක් එහෙම කතා නොකරන හේතුව, ඒක අපේ ගුණයක් කියලා නොදන්නා අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ හින්දා එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.

අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ. ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේද? ඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේද? හෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේද? අපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා…කරලා පෙන්නන්නම් එදාට කතා කරමු…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: