hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 10:28



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

ඇතැම් අවස්ථාවල සුව ප්‍රාර්ථනාවලට වඩා වැඩි විවේචන ඔහු නමින් එල්ල වෙනවා.

එහෙම පසුබිමක ඔහු යළි තිරයෙන් දකිනකල් ඇඟිලි ගණින පිරිසකුත් නැතුවාම නෙවෙයි.

ඒ වුණත් ජැක්සන් බොහෝම ඉක්මණින් සුව වෙමින් සිටින බැව් ජැක්සන්ගේ පුත් අකිල ධනුද්දර පසුගිය දිනෙක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර තිබුණා.

ජැක්සන් ඇන්තනී කලාකරුවා ගැන පසුගිය දවසක යූටියුබ් වැඩසටහනකට එක් වූ සුදත් ඇන්තනීත් අදහස් පළ කර තිබුණා.

අනතුරට දින පහකට පෙර දී ජැක්සන්ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් ගැන සුදත් ඇන්තනී මෙසේ හෙළිදරවු කර තිබුණා.

දවස් 5කට කලින් (2022 ජූලි 25) ජැක්සන්ගෙන් කෝල් එකක් එනවා සුදත් ඇන්තනීට?

‘මම මේක කියලා නෑ කාටවත්ම. මම ෂූටිං ඉවරවෙලා ගෙදර ගිහින් ඉන්නවා. අයියා සාමාන්‍යයෙන් මට කතා කරනවාම තමයි, දවසේ විස්තර කියන්න. සුදත් ගෙදරද? මම ඔව් කිවුවම, ඔයා ඉස්සරහාට කොහොමද ෂෙඩුල් එක? ෂුටිං ද ඇහුවා. මම කිවුවා, නෑ පොඩි අයියේ හෙට ඉඳන් ෆ්‍රී කියලා. අපි සාමාන්‍යයෙන් කැමතියි සෙට් වෙලා යන්න.. මට කිවුවා, ‘අනිද්දා මම යනවා, සිංහබාහු ෂුටිං… ඔයා ෆ්‍රී නම් යමුකෝ….’ කිවුවා. මාත් අනිත් පැත්තටම ‘හා යමුකෝ’ කිවුවා.’

‘යන දවසට කලින් දවසෙත් අරගත්තා. මට ඒත් හිතුණා නොයා ඉන්න. මම කිවුවා, ‘මම ඉන්නම් පොඩි අයියේ’ කියලා. මම රඟපාන්නෙත් නැතුව යන්නෙ ඇයි වගේ හැඟීමක් තිබ්බේ. මට ඒක අයියට කියන්නත් බෑ. කොහොම හරි එයාට තේරිලා එයාට කේන්ති ගියා. හරි හරි — – – කියලා (මේවට බීප් දාපන්…) කුනුහරපයක් කියලා ෆෝන් එක තිබ්බා,’

‘මම ගන්නවා, ගන්නවා මිනිහා ආන්සර් කළෙත් නෑ… මටත් දැන් ලැජ්ජයි දුකයි. නවයට විතර කෝල් එකක් ආවා. පස්සෙ කිවුවා, ‘නෑ නෑ සුදත්… ඔයා හරි… ඔයා එහෙම හිතන්න ඔිනි නෑ. ඔයා හරියටම හරි…’ ඊට පස්සෙ කතා කරන්න බැරිවුණා. එයා වැඩනේ….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: