hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 12:47



උදාරි චමිලා වර්ණකුලසූරිය කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්.

සිංහල සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යය තුලින්ද ඇගේ රංගනය අපට දැකගැනීමට පුලුවනි.

ඇය රග පෑ බොද මීදුම් ටෙලි නාට්‍යය මගින් ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වුනා.

ජැක්සන් කියන්නේ උදාරිගේ රංගන පාසලේ ප්‍රධාන ගුරුවරයා කිව්වොත් හරි.

ජැක්සන් ඇන්තනී අද සදහටම අප අතරින් නික්ම යනවා.

ඉතින් ඒ ගැන මෙන්න මේ විදිහටයි උදාරි හඬ අවධි කළේ මෙහෙමයි.

“ඔහුගේ හිස් තැන කාටවත් පුරවන්න බැහැ. ඒකට උත්සාහ කරන එකත් බොරුවක්. ලොකු පාඩුවක්. මේ කලා ජීවිතයේ මම හිතන්නේ ඔහු තරම් දැනුම තියෙන දැනුම පිරිච්ච කලාකරුවෙක් බිහිවේවි කියන්න බැහැ. ඉතින් ඔහුගේ හිස්තැන හැමදාම තියේවි. මගේ ජීවිතයේ මට ලොකු දැනුමක් දුන්න මගේ කලා ජීවිතයේ පියා කියලා ජැක්සන් ඇන්තනි ව කියන්න පුළුවන්. එක ගෙයි සොකරි චිත්‍රපටයෙන් පටන් ගත්තට පස්සේ ඔහු රචනා කරන හැම චිත්‍රපටයම , ඔහු රඟපාන චිත්‍රපටයේ ද, ඔහු නිෂ්පාදනය කරන අධ්‍යක්ෂණය කරන ඒ හැම චිත්‍රපටයකම හිටියේ මම. ඉතින් හරිම සංවේදීයි. ජීවිතේ හැමදේම අනිත්‍යයි කියන එක ඇස් පනාපිටම දකිනවා. අපි කොච්චර ආදරේ කරත් අපිට කොච්චර වටින දෙයක් වුණත් අපිට අහිමි වෙන්න පුළුවන් කියන එක ඇස් පනාපිටම ඒ දේවල් වෙනවා. ඉතින් එන හැටියට ඒ දේවල් බාරගන්නවා. දුකයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: