hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 12:42



අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ.

ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා.

ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා.

මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන අතර තුරේදී දරුණු රිය අනතුරකට ලක්වෙනවා.

එම අවස්ථාවේ ජැක්සන්ව රෝහල්ගත කරන්න කටයුතු කරන්නෙ සෝමරත්න දිසානායක මහතා විසිනුයි.

කෙසේ වෙතත්, සෝමරත්න දිසානායකට “සිංහබාහු” චිත්‍රපටය සඳහා අකිල ධනුද්දර යොදා ගැනීමට සිදුවනවා.

ඒ තවදුරටත් ජැක්සන් අසනීප තත්ත්වයෙන් පසුවීම නිසයි.

මේ ඒ ගැන සෝමරත්න දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

“ජැක්සන් කියලා තිබුණා ෆිල්ම් එක නතර කරන්න එපා කියලා.. ටික කාලයක් එයාට තෙරපි කරන්නත් එපැයි. ජැක්සන් රඟපෑවේ අකිලගේ වැඩිමහල් කාලේ. ජැක්සන්ගේ ඉල්ලීමක් තිබුණා අකිලම දාලා ඒක කරලා ඉවර කරන්න.. ජැක්සන් ප්‍රතාපවත් නලුවෙක්නේ. මට සැකයක් තිබ්බා අකිල ගැන.. මේ කොල්ලා කොහොම කරයිද කියලා. ඉවර වෙද්දි මට මාර සතුටුයි. ජැක්සන් ඉතුරු කරපු ටික අකිල කළා. සමහර තැන් තියනවා මට හොයන්න බෑ මේ අකිලද කියලා. වේශ නිරූපණ ශිල්පීයොත් පුදුම විදිහට වෙනස් කරලා තිබ්බා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: