hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 12:01



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

එතුමා ගැන ඇහෙන, අහන සහ පළ කරන අදහස් මෙන්ම සටහන් සෑහෙන්න සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අන්දම අපිට නිතර දැකිය හැකියි…

ජ්‍යෙෂ්ඨ නිවේදක මහේෂ් නිශ්ශංක මහතාත් පසුගියදා යූටියුබ් වැසසටහනකදී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව මේ විදියට වචන එකතු කර තිබුණා….

නිවේදකයා ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ ජැක්සන් ඔහුගේ ජීවිතයේ කොයි වගේ හැරවුම් ලක්ෂයක් ද යන්නයි…

”ජැක්සන් ඇන්තනී මහත්මයා මට මුණගැහුණේ නැත්නම් අද මම ටෙලිවිෂන් තිරයේ මතුපිට කතා කරන චරියක් නෙවෙයි. ඒක මම ඕනි තරම් පත්තරවල එහෙම කියලා තියෙනවා. එයත් එක්ක මම කිසියම් කාල පරිච්ඡේදයක් වැඩසටහන් පෙළක් කරගෙන යන අතරතුරේ කැන්ටින් එකේ මට තාම මතකයි ඔහු වාඩිවෙලා හිටිය පුටුව ඒ මේසේ… ඔහු කියපු වචනෙන්ම කියනවා නම් ”අයිසේ මේක තමුසෙ කරනවකො” කිව්වා. ඒ කියලා නිකන් හිටියෙ නෑ ඒකට අවශ්‍ය දේවල් ලෑස්ති කරලා දුන්නා… මාව ගිහිල්ලා මුණගස්සලා කතා කළේ ”මේ මහේෂ්ට දෙන්න ප්‍රසන්ට් කරන්න. එයාට ඒක කරන්න පුළුවන්” කියලා කිව්වෙ ජැක්සන් ඇන්තනී මහත්මයා, ලූෂන් බුලත්සිංහල මහත්මයාට…වර්තමානයේ ජැක්සන් ඇන්තනී මහත්මයා මුහුණපාලා තියෙන තත්ත්වයට නම් කවුරුත් මුහුණ පාන්න එපා. එක්කෝ එක පාර නැති වෙන්න ඕනි නැත්නම් ජීවිතයක් තියෙන්න ඕනි. ඔය දෙකටම අතරමැද ජීවත්වෙනවා කියන්නෙ හරි අමාරු වැඩක්. එහෙම වෙන්න එපා… එතුමාට මම ප්‍රාර්ථනා කරනවා, සොබාදහමට පුළුවන් නම් නැවතත් ජැක්සන් ඇන්තනී අවදි කරන්න, ඒක ඔහුට නෙවෙයි අපිට මහ මෙරක්….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: