hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, ප.ව. 7:41



ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය දේවස්ථානයේ සිට ගාලුමුවදොර දක්වා විශාල කුරුසයක් රැගෙන පා ගමනක් රංගන ශිල්පී ශිල්පී ජෙහාන් අප්පුහාමි ඔබට අමතක නැතුව ඇති.

ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

ඒ වගේම ඔහු දරුවන් තිදෙනෙකුගේ ආදරණිය පියෙක්.

අරගලයේ කිහිපදෙනෙක් පසුගියදා සිරගත කළා.

ඒ අතරින් පිරිසකට එළියට එන්න හැකියාව තිබියදීත් අනිත් පිරිස එළියට එනකල් ඔවුන් එක්ක සිරගතව ඉන්න පිරිසකුත් ඉන්නවා. 

ජෙහාන් අප්පුහාමි කියන්නෙත් ඒ අතරින් කෙනෙක්.

ඒ සම්බන්ධයෙන ඔහුගේ ආදරණීය බිරිඳ තැබූ සටහනක් පහතින්,

“ජෙහාන්. ඔයාව මට ඕන තමයි. මට ගොඩක් දුකයි තමයි. ඔයාව දරුවන්ට ඕන තමයි..එයාලා හැම තප්පරේම ඔයාව අහනවා තමයි.මට නින්ද යන්නෙත් නෑ තමයි. ඊයේ මැගසින් බන්ධනාගාරෙට ගිහින් ඔයාවයි අනිත් අයයි බලලා.ඔයාල හැමෝම අද ගන්නවා කියලා. උසාවියට ගියේ ඇප දෙන්න තමයි.ඒත්. තුන් දෙනෙක් ඇතුලේ තියලා කොහොමද මම ඔයාට ඇප දෙන්නේ. මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මම දන්නවා ඔයත් කැමතිද නෑ උන් දාලා ගෙදර එන්න. ඔයා එන දවසක එන්න හැමෝම එක්කම. මට ඔයා එනකන් දරුවෝ එක්ක ඉන්න පුළුවන්. මම ඔයාට ආදරෙයි.”