hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 7:01



හර්ෂණී ධර්මවික්‍රම කියන නම නම් ඔබට මතක ඇති.

වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම නිසා ඇයට ජීවිතය අහිමි වුණා.

මේ වෙනකොට ඇයට සැත්කම කළ වෛද්‍යවරයාට සැත්කම් කිරීම පවා නතර කර තිබෙනවා.

ඇයගේ සැත්කම වැරදීමත් සමගම වෛද්‍යවරයා පිළිබඳ නොයෙක් කතා පැතිරෙන්න ගත්තා.

ඒත් එක්කම ගොඩක් දෙනෙක් කිව්වේ වෛද්‍යවරයාගෙන් සැත්කම් කල බොහෝ දෙනෙක් මේ වන විට අසරණ තත්ත්වයට පත් වී ඇති බවයි.

අපි අද කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැනයි.

ඇය නමින් කළණි ඉනෝෂා.

ඇය පසුගිය මැයි මාසයේ විවාහ වෙන්න හිටිය හීන ගොඩක් දැක්ක කෙල්ලෙක්.

නමුත් නොසිතූ විරු අයුරින් 2021 නොවැම්බර් මාසයේදී ඇගේ ඉරණම වෙනස් වෙනවා.

කළණි ගැන ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් කළණිගේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කොට තිබෙනවා.

“දුවට 2021 10යි 25 අමාරු වුණා. රාගමට ඇඩ්මිට් කළා. බඩේ අමාරුවක් තිබ්බෙ. පාන්දර ඇඩ්මිට් කළේ. 38 වාට්ටුවේදී මෙයාගේ ස්කෑන් එකක් කළා. පිත්තාශයේ ගල් කිව්වා පස්සෙ. අන්තිමට නොවැම්බර් 5 තමයි ඔපරේශන් එකට ලෑස්ති කළා. කොහොම හරි 5 ගන්නකොටත් මට කෝල් කරලා කිව්වා, මාව ගන්නවා. ෆෝන් එක ඕෆ් කරනවා. අම්මා ඇඳ ළඟට වෙලා ඉන්න මම එනකන් කිව්වා. මම ඉතින් බලාගෙන හිටියා.. පරක්කු වුණා… පස්සෙ මට කිව්වා, අම්මා ළමයට ඔපරේෂන් එක කළා. සිහිය ගන්න බැරිවුණා. බයවෙන්න එපා අම්මා කියලා යථා තත්ත්වයට එයි. එයාගේ වැඩි හොඳට අයිසීයූ එකට දැම්මා කිව්වා. මම අපේ නෑනට එන්න කිව්වා. ළමයාට අතපය හොල්ලන්න බෑ. මැෂින්වලට දාලා තිබුණේ. මාස තුනක් දැඩි සත්කාරේ හිටියා. ළමයා ගැන එතැන හිටපු දෙන්නෙක් විතර ගොඩක් බැලුවා. මගේ දුව ළඟට සර්ජරි කරපු අය ආවේ නෑ. උනන්දුවක් කළේම නෑ. ළමයාගේ වෙනස්වීම් දැක්කම මම රෑ තිස්සේ කෝල් කළා…”

“අපි කිව්වා මේ වුණ දේ අපිට අභිරහසක් කියලා. අපි වරදක් කරපු විදිහට එයාලා හැසිරුණේ. තාම කළණිට කතා කරගන්න බෑ, ඇවිදින්න බෑ, සිහි කල්පනාව නෑ. අපිට ඕනි කොහොම හරි මෙයාව පිටරටකට ගිහින් හරි සනීප කරගන්න. මම දැනුවත් කළා මගේ දුවට වෙච්ච දේ තව කෙනෙක්ට වෙන්න දෙන්න එපා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා රැස්වීම්වලදී මම කිව්වා. එතකොට ඩිරෙක්ටර් කිව්වා, මම මගේ ස්ටාෆ් එක බේරගන්නවා මිසක් අනිත් අය වැඩක් නෑ කිව්වා. එදා ඇක්ශන් ගත්තනම් අර නැතිවෙච්ච දරුවා (හර්ෂණි) බේරෙන්නත් තිබ්බා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: