hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:04



කාංචනා අනුරාධි මෑතකදී බොහෝ විට කතා බහට ලක්වුනු කෙනෙක් බවට පත් වුණා.

ඊට හේතුව බවට පත්වෙන්නේ ඉතාමත්ම සුමිහිරි කටහඬක් හිමි ඇය ගායනා කරපු ගීත කිහිපයක්ම නිසාවෙන්.

කොහොම නමුත් ඇයට උරුම වුණ බොහොම ලයාන්විත කට හඬත් එක්ක ඉක්මනින්ම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට ඇයට හැකියාවක් ලැබුන කාරණාවත් මෙහිදී සඳහන් කරන්න ඕනේ. 

ඉතින් ඒත් එක්ක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට ඇයට අවස්ථාවක් ලැබුණා.

ඒත් එක්කම සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන පෙළේ මාධ්‍ය ඔස්සේද ඇය පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන්නටත් ඇගේ ගීත ප්‍රචාරය කරන්නටත් යොමුවුනා.

තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත්වන්නටත් ඇයට හැකියාව ලැබුණා.

කාංචනා අනුරාධිගේ ගීතයන්ටත් ඒ හඬටත් ආදරේ කරන තරුණ තරුණියෝ නම් බොහෝමයි.

ඒ වගේම තමයි ඇය සහභාගීවන ප්‍රසංගවලදී ඇයට ලැබෙන ප්‍රතිචාර වගේම ඇයට මල් පොකුරක් හරි දීලා එයාට ආදරේ ප්‍රකාශ කරන්න එන තරුන‍යො හරි කැමතියි.

ඉතින් මේ වන විට කාංචනා අනුරාධිට ආදරය කරන කෙනෙක් ඉතින් හැමෝම හොයන දෙයක් තමයි කව්ද මේ කාංචනාගේ ආදරණීය පෙම්වතා කියලා.

ඉතින් කාලයක් නම් කාන්චනාගේ පෙම්වතා දිනේශ් ගමගේ කියලා තමයි සමාජ මාධ්‍යවල නම් පැතිරුණේ.

කොහොම වුණත් පස්සේ කාලෙක ඒ දිනේෂ් නෙමෙයි කියලා ඔප්පු වුණේ දිනේශ් ශනුද්‍රි ආදරේ නිසා.

ඉතින් දැන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වන්නේ කාංචනාගේ පෙම්වතා සුපුන් පෙරේරා කියලා.

මේ වෙද්දි බොහෝ දෙනෙක් මේක දන්න රහසක් බවට පත් වෙලා.

ඉතින් අපිත් බලාගෙන ඉමු ශනුද්‍රි දිනේශ් ආදරේ වගේම මේ දෙන්නගේ ආදරෙත් හැමෝම දන්න ආදරණීය ආදර කතා විදියට එළියට එයිද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: