hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 29, පෙ.ව. 1:13



කාංචනා අනුරාධි මෑතකදී බොහෝ විට කතා බහට ලක්වුනු කෙනෙක් බවට පත් වුණා.

ඊට හේතුව බවට පත්වෙන්නේ ඉතාමත්ම සුමිහිරි කටහඬක් හිමි ඇය ගායනා කරපු ගීත කිහිපයක්ම නිසාවෙන්.

කොහොම නමුත් ඇයට උරුම වුණ බොහොම ලයාන්විත කට හඬත් එක්ක ඉක්මනින්ම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට ඇයට හැකියාවක් ලැබුන කාරණාවත් මෙහිදී සඳහන් කරන්න ඕනේ. 

ඉතින් ඒත් එක්ක ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නට ඇයට අවස්ථාවක් ලැබුණා.

ඒත් එක්කම සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන පෙළේ මාධ්‍ය ඔස්සේද ඇය පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන්නටත් ඇගේ ගීත ප්‍රචාරය කරන්නටත් යොමුවුනා.

තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත්වන්නටත් ඇයට හැකියාව ලැබුණා.

කාංචනා අනුරාධිගේ ගීතයන්ටත් ඒ හඬටත් ආදරේ කරන තරුණ තරුණියෝ නම් බොහෝමයි.

ඒ වගේම තමයි ඇය සහභාගීවන ප්‍රසංගවලදී ඇයට ලැබෙන ප්‍රතිචාර වගේම ඇයට මල් පොකුරක් හරි දීලා එයාට ආදරේ ප්‍රකාශ කරන්න එන තරුන‍යො හරි කැමතියි.

පසුගියදා නාදගම ප්‍රසංගයට ආපු බොහෝ දෙනෙකුගෙන් ඇයට හිමිවෙලා තියෙන ආදරය දැක්කහම මේ බව මනාවට ඔප්පු වෙනවා.

මෙහෙම ආදරයක් රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නෙ ඇයගේ තියෙන නිහතමානීකම නිසා කියලයි ඇයට ආදරේ කරන ගොඩ දෙනෙක් කියන්නේ.

“කාංචනාට තියෙන හඬටත් මිනිස්සු වශී වෙනවා,ඊටත් වඩා එයාගේ හිනාවටයි,ඒ ඇස්වලටයි තමයි මම වශී වුනේ” මේ විදිහේ කතාවක් ඇසුනේ හිරු මෙගා බ්ලාස්ට් කුරුනෑගල ප්‍රසංගයේදී.

ඉතින් හිතන්නකො මේ සුන්දර ගායිකාවට මොන තරම් ආදරයක්ද ලංකාවේ නන් දෙසින් ලැබිලා තියෙන්නේ කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: