hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 1:57



කිරිඉබ්බන්දෙණියේ සිරිමල් අදටත් සිරි රජ සිරි සිනමා සිත්තම නරඹන විට අපේ ඇසට කදුළක් ගෙනෙන්නේ පුංචි කෝකිලගේ රංගනය එතරම්ම අපේ හදවත් හොරකම් කළ නිසා.

කුඩා කල සිටම තම රංගන කුසලතාව වගේම ගායන හැකියාවත් මනාව ප්‍රකට කළ කෝකිල අද බොහෝ කලා හැකියාවන්ගෙන් පිරිපුන් විවාහක තරුණයෙක්.

මේ දිනවල ස්‍වර්ණවාහිනි නාළිකාවේ දිග හැරුණ නාඩගම්කාරයෝහි අපූරූ රංගනය නිසා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්, ප්‍රසාදයක් දිනා ගනිමින් ජනප්‍රියත්වයේ ඉහළ තැනක ඉන්න කෙනෙක් තමයි මනමාලන් නැත්නම් කෝකිල පවන් ජයසූරිය කියන්නේ.

ගායනය, රංගනය වගේම නිවේදන හැකියාවද කෝකිලට හොදටම පිහිටලා තියෙනවා.

එහෙම කියන්න ළඟම සහ හොඳම උදාහරණය තමයි කෝකිල විසින් දෙරණ නාලිකාවේ මෙහෙයවන “ස්පර්ශ” කියන සංගීතමය වැඩසටහන.

කොහොං වුණත් කෝකිල මේ වන විට එම වැඩසටහනේ නිවේදන කටයුතු වලින් ඉවත් වී තිබෙනවා.

තමන් කෙටි කාලයකට නිහඬ වෙන බවත් මෙම අවස්ථාව දුන් ලබා දුන් හැමෝටම ස්තුතිය පුද කරන බවත් ඔහු වැඩසටහන අවසානයේ සඳහන් කළා.

ගායන ශිල්පිනී උරේෂා රවිහාරි මහත්මිය සමඟ තමයි කෝකිලගේ අවසන් වැඩසටහන සිදු කෙරුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: