hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 12:07



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

එමෙන්ම ඔහු රෝගතුරව සිටින අතරවාරයේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් සතුටින් කලා කටයුතු කරගෙන ජීවත් වීම ගැනත් සමාජ ජාලාවල බොහෝදෙනා විවිධ මත පළ කරන්න ගත්තා.

ඒ සියල්ලටම පිළිතුරු දෙමින් මෑතකදී සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ කුමාරි මුනසිංහ මෙසේ ප්‍රකාශ කර සිටියා.

“මිනිස්සු දන්නේ නෑ මිනිස්සු මොනාද කරන්නේ කියලා. මම දන්නවා කර්මය කියන්නේ මොකද්ද කියලා. අපි හොඳ දෙයක් කළොතපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් කළොත් කරක ප්‍රතිඵල ලැබෙනවා. කර්මය කියන්නේ ඒකයි. කර්මානුරූපව තමයි ජැක්සන් ඇන්තනී නම කියූ සැනින් ලංකාවම දන්න පුද්ගලයෙක් බවට පත් වන්නේත් අද මේ රෝහලේ ඔහු ගත කරන ආකාරයත් කුමක් හෝ පෙර ආත්මයාක කරන ලද අකුසල කර්මයක් විය හැකියි. අපිව විවිධ ලෙස විවේචනය කරන ඒ මිනිසුන් ඒ කරගන්නා වූ කර්මය ඉදිරියේ දවසක ඔවුන්ට විඳවන්න වෙන බව නොදැනද මේ ඒවා කරන්නේ?

අපි වෘත්තියෙන් කලාකරුවන්. අපිට ජීවත් වෙන්න තියෙන්නේ කලාව තමයි. හිනා වෙවී කලාව කරන එක තමයි අපේ රැකියාව වෙන්නේ. මගේ දරුවො උගත් බුද්ධිමත් කලාකරුවො කළා අපි. ඔවුන් ඒ වැඩේ හරියටම කරනවා. කලාව කියන්නේ තවත් කෙනෙක් පිනවන දෙයක්. ඒක අඬාගෙන හොටු පෙරාගෙන, කඳුළු පෙරාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක කළ යුතු තැන විතරක් ඒක කරනවා. හැම වෙලේම බැහැ. අපිට හිනාවෙන්න වෙනවා. අපි කතා කරන්න ඕනේ. අපි රඟපාන්න ඕනේ. ඒවා නොකර අපි ජීවත් වෙන්නේ කොහොමද? මගේ දරුවො ජීවත් වෙන්නේ කොහොමද?

හරි අපි එහෙම නොකර හිටියා කියන්නකෝ.. මට කියන්න අනිත් විසඳුම අපි මොකද්ද කරන්න ඕනේ? අනිත් එක ජැක්සන්ගේ ventilation machine එක අයින් කරන්න කියන අයට මම කියන්නෙ එය හුස්ම පොදේ වටිනාකම දන්නව නම් කිසිම කෙනෙක්ගේ ventilation machine එකක් ගලවන්න කියන්නේ නැහැ. හුස්ම නැතිව තියෙන අපහසුව කාටවත් කියන්න බැහැ. ඒ නිසා ජැක්සන් ඇන්තනීගේ නෙමෙයි තවත් කෙනෙක්ගේ හෝ වේවා ventilation machine එකක් ගලවන්න කියන්න එපා. ඒක පව්…..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: