hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 28, පෙ.ව. 12:19



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට සුවය ලබමින් පසුවන බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කරනවා.

තමන් හැම දිනම පාහේ ජැක්සන් ඇන්තනී මහතා බලන්නට යන බවත් ගිහින් ඔහුට කතා කරන බවත් ඇය පැවසුවා.

එසේ කතා කරන ඇතැම් අවස්ථාවල ඔහුගේ දෑසින් කදුළු වැටෙන බවත් එනම් ඔහුට තමන් කියන දේවල් ඇහෙන බවත් ඇය පැවසුවා.

රූපවාහිනි නාලිකාවක් සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: