hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 අගෝස්‍තු 31, පෙ.ව. 12:04



කුමුදුමාලි ඩබ්ලිව්. යූ…කුමුදුමාලි ඩබ්ලිව්. යූ….කියලා කියවුණේ එක පාරක් නෙමෙයි.. 

මේ වීඩියෝව විනාඩි 3 තත්පර විසිහයයි… අද වෙද්දී ලංකාවේ බොහෝදෙනෙක් මේක බලල තියෙන්න ඕන… එක ස්ටේජ් එක පිට එක ගෝල් මෙඩ්ල් අටක්.. කව්ද මේ කුමුදුමාලි.. තමන්ගේ නම අට පාරක් අහගන්න ඇය කළ කැපකිරීම් අහසටත් වඩා උස ඇති…

උදේනි කුමුදුමාලි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයෙන් තම අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක්.. මේ කියන්න යන්නේ සමාජමාධ්‍යවල මේ දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙන ඇය ගැන කතාවක්…

ඔච්චර උපාධි අරන් මොනා කරන්නද අහන මිනිස්සු, උපාධි මොකටද අනේ ගේමක් ගහගන්න දන්නවා නම් කියන මිනිස්සු, තාමත් ඔයා ඉගෙන ගන්නවද අහන මිනිස්සු, කීපාරක් ඔයා රිපීට් වුණාද තාම ඔතනද අහන මිනිස්සු,නාකි වෙනකන් කැම්පස් යන්නද හිතන්නේ අහන මිනිස්සු,උපාධි ගොඩගහන් ඕවා කන්නද අහන මිනිස්සු ඇයටත් අනන්ත හමුවෙන්න ඇති…

මේ සාර්ථකතවයට ඇය ආවේ නොයෙකුත් කරදර බාධා මැදයි.. ඉතාමත් දුෂ්කර ගමකින් ඇවිල්ලා..වැඩ්ඩො අතර වැඩ්ඩෙක් වෙන්න හැමෝටම බෑ.. ඒත් ඇය ඒක කොහොමහරි අවසන් කලා.. ඒ විතරක්ම නෙවෙයි තමන්ට මේ තැනට එන්න පාර තනාදුන් නිදහස් අධ්‍යාපනයට‍ ඇය ස්තූතිවන්ත වෙන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

කුමුදිමාලි කියන්නේ මායිම් ගම්මානයක ඉදන් ඇවිත් ජීවිතය ගැට ගහගන්න වෙර දරපු දියණියක්. ජිවිතයේ හැම පරාජයක්ම ඕනෑම කාලයක ගිලිහි යාමක් හමුවේම උඩුගම් බලා පීනපු දෛර්යවන්ත දියණියක්.

ත්‍රිකුණාමලය සේරුනුවර කියන ඈත පිටිසර ගමකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා බැජ් ටොප් වෙලා ගෝල්ඩ් මෙඩ්ල්ස් 08ක් ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.

හැම අවුරුද්දෙම බැජ් ටොප් වෙනවා කියලා වගේම කැම්පස් එකට යනකොට අතට හම්බුවෙන රෙකෝඩ් බුක් එකේ පිටිපස්සේ පිටුවේ තිබුණ ගෝල්ඩ් මෙඩ්ල්ස් සේරම ගන්නවා කියලා පින්තුර බිත්තියේ අලවාගෙන කුමුදුමාලි ඒ ඉලක්කය වෙනුවෙන්ම වැඩ කළා.

එදා ඒ බිත්තියේ අලවපු හැමදේම අද වෙනකොට ඇය ජයග්‍රහණය කරලා ඉවරයි. මේ ලෝකයේ අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. අපිට ඕනේ සැබෑ කරගන්න පුළුවන් හීනයක් එක්ක ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන් හිතක් විතරයි. අන්න එතකොට ඉරණම වෙනස් කරන්න දෛවයට අභියෝග කරන්න හීන හැබෑ කර ගන්න අපිට පුළුවන්. කුමුදුමාලි ඩබ්ලිව්. යූ..මේ නම එදා පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී අපිට කිව්වේ අන්න ඒ කතාව.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: