hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 04, ප.ව. 12:38



සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය පවසා තිබෙනවා.

එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් එම කාන්තාව සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.

මෙම අමානුෂික වද හිංසා 11 හැවිරිදි දියණිය ඉදිරිපිට පැමිණවීම හේතුවෙන් දියණිය දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරැවකු ද සිටින බවත් අදාල කාන්තාව වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ බවද ප්‍රතිකාර කටයුතු නිමවීමෙන් පසු ඇයගේ සහෝදරියක සහ දරුවන්ද සමගින් අනුරාධපුරය ප්‍රදේශයේ පිහිටි තම මව්පියන් ගෙ නිවස වෙත යාම සදහා පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදලක් එකතු කර ඇයට ලබා දීමට කටයුතු කළ බවද පාදුක්ක පොලිසිය සඳහන් කළා.

සැකකරු රියදුරකු ලෙස කටයුතු කරන අයකු බවත් ස්ථිර රැකියාවක් නොමැති බවත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරැ අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවා.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මා මහත්මිය පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: