2023 ජූලි 23, පෙ.ව. 1:12
බ්‍රේඩා හී සිට පැමිණි විසි දෙහැවිරිදි Rikkie Valerie Kollé වර්ෂ 2023 නෙදර්ලන්ත රූ රැජින ලෙස නෙදර්ලන්ත ඉතිහාසයේ කිරුළ හිමි කර ගත්තේ පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට ඉතිහාසගත වෙමින්.
සෙනසුරාදා ලියුස්ඩන් හි පැවති ආකර්ෂණීය ඉසව්වකදී, 22 හැවිරිදි ලන්දේසි-මොලුකන් නිරූපිකාව Habiba Mostafa, Lou Dirchs සහ Nathalie Mogbelzada පරාජය කරමින් මෙම තරගය ජයග්‍රහණය කළා.
72 වැනි විශ්ව රූ රැජින කිරුළ සඳහා තරග කිරීමට ඇයගේ සුදුසුකම් මෙම සුවිශේෂී ජයග්රහණයෙන් තහවුරු වී ඇත.
පසුගිය වසරේ ශූරිය වූ Ona Moody විසින් Kollé ට වේදිකාවේදී ඇයගේ ත්‍යාගය පිරිනැමූ අතර, වත්මන් විශ්ව රූ රැජින R’Bonney Gabriel ඇයට ඇගේ සළුව ලබා දුන්නා.
2001 වසරේ උපත අප්‍රේල් 6 වැනිදා උපත ලද රිකී ලන්දේසි නිරූපිකාවකි. මේ වසරේ ජනවාරි මාසයේදී ලිංගභේදය තහවුරු කිරීමේ සැත්කමකට භාජනය වූ රිකී වයස අවුරුදු 11 දී ඇගේ නම රික් සිට රිකී ලෙස වෙනස් කළා.
2012 වසරේ සිට සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා විශ්ව රූ රැජිණ තරගය විවෘත වූ අතර ගෝලීය විශ්ව රූ රැජින තරගයට තරගයට තරග කළ පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව වූයේ ඇන්ජෙලා පොන්ස්ය. ඇය 2018 වසරේදී විශ්ව රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වූවා.
Emira D’Spain: වික්ටෝරියාස් සීක්රට් සමඟ වැඩ කළ පළමු කළු සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව ලෙස ඉතිහාසගත වුණා.
ලිංගික සංකාන්තිකයන්ට සමාජයෙන් ලද කළු- දරුණු ප්‍රහාර වෙනුවට සුමට මඟක් ලෝකයේම හැදෙමින් පවතින බවට ඉහත කී සිදුවීම්වලින් කියපාන්නක්.
ලිංගික සංක්රාන්තිකයන් ලෙස සමාජ ගත වීමේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන කටුක අත්දැකීම්වලට ශක්තිමත් පාදමක් වැටී ඇති බව මෙවැනි විශ්වීය අවස්ථා ලැබීම මගින් තහවුරු කරනු ඇත. එනයින් බලන කල රිකී ලද ජයග්‍රහණය සමාජයේ එක් ජන කණ්ඩායමක් ලද සුවිශේෂි ජයග්රහනයක්.
AFAS රඟහලේදී ඇයගේ ජයග්රහණයෙන් පසු Instagram හි Kollé ලන්දේසි භාෂාවෙන් මෙසේ ලිවීය, “මම එය කළා! ලා නිල්, ලා රෝස සහ සුදු ඉරි සහිත ට්‍රාන්ස් ධජයේ ඉමොජියක් සමඟින් මම මගේ ප්‍රජාව ගැන ආඩම්බර වූ අතර එය කළ හැකි බව පෙන්නුම් කළා.
“මිස් යුනිවර්ස් අපෙන් ඉල්ලා සිටියේ අපව එක වචනයකින් විස්තර කරන ලෙසයි,… මම තෝරන වචනය ‘ජයග්‍රහණය’, මන්ද කුඩා පිරිමි ළමයෙකු ලෙස මම මගේ මාවත හරහා පැමිණි සියල්ල ජය ගත්තා…. දැන් මා දෙස බලන්න… මම ශක්තිමත්, බල සම්පන්න සහ විශ්වාසදායක සංක්‍රාන්ති කාන්තාවක් ලෙස මෙහි සිටගෙන සිටිමි.” Kollé ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට පළ කරන ලද වීඩියෝවක සඳහන් කර තිබුණා.
ඇය මේ සමග අපූරු අදහසක් මතු කර තිබුණා. ඒ ලයා තබා මෙම කෙටි සටහන නිමා කරමින්.
“අපිට මෙය එකට කළ හැකි බව කිසි විටෙකත් අමතක නොකරන්න… ඔබ මේ පෘථිවියේ තනිවම නොවේ… ඔබේ අවසාන සහ විශ්වාසවන්ත ඔබ වීමට සිහින දැකීම කිසි විටෙකත් නතර නොකරන්න! ඔබට හොඳ කුමක්දැයි කිසිවෙකුට පැවසීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න,… මන්ද වැදගත් වන්නේ ඔබ ඔබේ හොඳම අනුවාදය වීම පමණි.” ”
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 12:01
2024 ඔක්තෝබර් 13, පෙ.ව. 12:04
2024 ඔක්තෝබර් 12, ප.ව. 5:59
2024 ඔක්තෝබර් 12, ප.ව. 5:53
2024 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
14-10-24
13-10-24
13-10-24
13-10-24
13-10-24
13-10-24
13-10-24
13-10-24
13-10-24