hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 4:59



ලවන් අභිෂේක් කියන නම නම් ඔබට හුරුපුරුදු ඇති.

අපි එහෙම කියන්න හේතුව තමයි මේ දවස්වල ලවන් රගපාන සංගීතය ටෙලිනාට්‍ය හරහා ඔහු ප්‍රේක්ශක ආකර්ෂණය උපරිමයෙන් ලබා ගෙන තියෙන නිසා.

ඔහුගේ මහී කියන චරිතයට ගොඩක් දෙනෙක් ආදරය කරනවා.

ඒ වගේම තමයි ඔහු මුලින්ම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ තම දැවැන්ත හඩ පෞරුෂය නිසා.

ඔහුගේ හඩ භාවනාවක් වගේ කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඒ වගේම තමයි ඔහුගේ ගායන වගේම රංගන හැකියාව දැකපු ගොඩක් දෙනෙක් ඔහුගේ නිවේදන හැකියාව දැක්කේ නැහැ.

ඉතින් ඔහුගේ නිවේදන හැකියාව ඔප්නංවා ගන්න දෙරණ නාලිකාවෙන් ඔහුට අවස්ථාවක් දීලා තියෙනවා.

ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ස්පර්ශ කියන සංගීතමය වැඩසටහනේ නිවේදන කටයුතු සිදු කරන්නයි.

ඒ වැඩසටහනේ මීට පෙර නිවේදන කටයුතු සිදු කළේ කෝකිල පවන් විසින්.

ඔහු මේ වන විට එහි නිවේදන කටයුතු වලින් ඉවත් වෙලා ඉන්නවා.

ඒ නිසා දෙරණ නාලිකාව ඒ අවස්ථාව නවක ගායන ශිල්පී ලවන් අභිෂේක්ට ලබා දීලා තියෙනවා.

ඔහු නිවේදකයෙකු වන පළමු අවස්ථාව මෙයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: