hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 7:29



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායිහි) සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු සැප්තැම්බර් 3 ඉරිදා දිනුම් අදින ලද එරට බිග් ටිකට් නම් ලොතරැයියෙන් ඩිරාම් මිලියන 20ක (රුපියල් මිලියන 1757.6) ත්‍යාගයක් හිමිකරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

විද්‍යුත් දිනුම් ඇදීමකදී මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නැමැත්තෙකි. ඔහුට පසුව ඩිරාම් 100,000 ක දෙවන ත්‍යාගයට ඉන්දීය ජාතික සෙල්වරාජ් තංගයාන් නම් පුද්ගලයෙකුත් තුන්වන ත්‍යාගය වන ඩිරාම් 90,000 උස්බෙකිස්තාන ජාතික නොදිර් කුට්ලීව් යන්නෙක් විසිනුත් හිමිකරගෙන තිබෙනවා.

මීට අමතරව තවත් හත් දෙනෙක් ඩිරාම් 20,000- ඩිරාම් 80,000 අතර මුදල් ත්‍යාගවලට ඉන්දීය සහ පිලිපීන ජාතිකයන් හිමිකරගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: