hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මාර්තු 30, ප.ව. 1:30



තරුණයකු හා තරුණියක් බස් නැවතුමේ දී හමුවීමෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය පුවතක් වාර්තා වෙනවා.

කුරුණෑගල බස් නැවතුමේ දී මෙම හමුව සිදු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම තරුණිය මාතලේ ප්‍රදේශයේ වෙළෙඳ කලාපයේ සේවය කරන අතර ඇය නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටිය දී හමු වූ තරුණයකු හමුවී තිබෙනවා.

පසුව දෙදෙනා කටුනායක බලා යන බසයට ගොඩවී කතාබහ කරන විට කොටදෙණියාව පසු කරද්දී තරුණයා ‘‘අපි බඳිමු’’ කියා යෝජනා කර ඇති අතර මෙම යෝජනාවත් සමඟම දෙදෙනාම දිවුලපිටිය නගරයෙන් බැස ත්‍රීරෝද රථයෙන් විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයකට පැමිනි බවයි වාර්තා වන්නේ.

රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා පවසා ඇත්තේ ‘‘අපි බඳින්න ආවායී’’ පවසා ඇති අතර රෙජිස්ට්‍රාර්වරයා මෙම දේපල පැමිණි ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විමසා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි.

පසුව රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසා ඇති අතර ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් දෙදෙනා හඳුනා ගත් ආකාරයද විස්තර කර තිබෙනවා.

මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දී ඇති අතර එමෙන්ම දෙදෙනාගේ පදිංචි කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: