hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 05, පෙ.ව. 12:04



අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී තෙවැනිවරට විවාහ වී ඇත්තේ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගිනි.

කසුන් මහේන්ද්‍ර , ඔහු කොහොමත් ලස්සන පදවලට අර්ථයක් ලබා දෙන තැනැත්තෙක්.

කාලයක් තිස්සේ කසුන් හිතේ තියාගෙන හිටිය පද ටිකකට මෙන්න පණ ලැබිලා.

එහෙම කිව්ව නම් හරි.

මේ බලන්නකෝ කසුන් මාධවී විවාහයෙන් පස්සේ ඇය වෙනුවෙන් ඔහු ලියූ මුල්ම පද පේළිය.

ඇත්තටම ඇගේ හිතේ හැම සියුම් තැනක්ම දන්නේ ඉතින් කසුන් නේ.

මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක් කියන එක ඕනෑම කෙනෙක් දන්න කාරණාවක්.

ඇගේ ඒ හිත නිවන්න වගේම ඇගේ ඒ මව්වත් ගුණ දකින්න කසුන්ට මේ වෙද්දී වරම් ලැබිලා.

ඉතින් මේ දෙන්නාගේ ජීවිතයේ විවාහය කියන්නේ තවත් විශේෂ සංදිස්ථානයක් විතරයි.. ඒ දෙන්නාගේ ආදරය ගඟක් වගේ ගලාගෙන යන හැටි මෙන්න මේ විදිහටම බලන්නකෝ.

මාධවීට මං ලිව්ව මුල්ම කවිය

හිස්වෙච්ච මධු විතක් බැවින් මේ ජීවිතේ
වරින්වර පුරවන්න තුඩින් ගෙන ආදරේ
උහුලන්න බැරිම තැන පපුව මැද සීතලේ
ගුලිවෙන්න නුඹ එන්න රැගෙන පෙම් හී සරේ .
දෙතොල් මන්දස්මිතය හද පුරා හලාගෙන
සිත්තමක් විලස නිල් විලේ මල් නෙලාගෙන
සුසුම් නිම්හිම් නැතිව හැඟුම් ලෙස උරාගෙන
නවතින්න නුඹ එන්න රාත්‍රිය සොරාගෙන .
දෙකම්මුල් මැද සැලෙන සඳ දියේ නෑවී
සියුම් ඇහිපිල්ලමක ඉසියුම්ව ගෑවී
දෙපා තුඩු දිගේ ළය සිඹින්නට පේවී
ඇවිලෙන්න නුඹ එන්න නිවි නිවී පාවී .
හිමිකමක් නැති එකම හිමිකමක් නේද
හිමි වුණොත් අහිමි වෙන තැන් තියෙයි නේද
නිමි කියා තියන්නට තිතක් නෑ නේද
බැමි කඩා බිඳින්නට ආදරෙයි නේද .
අවැසි හැම වෙලාවෙම උරහිසක් වෙන්න
නුඹට රිසි විලාසෙන් දිය පොදක් බොන්න
සිය දහස් වාරයක් සිපගන්න දෙන්න
ළමැද මත ඉතිරෙන්න මේ දැන් ම එන්න !
| කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: