hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:08



“අපි තමයි අපිව දන්න..” ඔව් ඒ කතාව ඇත්ත.. ඒ දෙන්නාගේ ආදරයේ රසබර තැන් , කඳුළු ගැන දන්නේ ඒ දෙන්නා විතරයි.. 

මේ දවස්වල පාඨකයන්ගේ රහ වැටුනු සීනි මුරුක්කු එක්ක කසුන් වගේම මාධවී කියන්නේ ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක්වෙච්ච චරිත දෙකක්..

මේ දවස්වල ඒ දෙන්නා ගොඩක්ම කාර්‍යබහුල වෙලා ඉන්නේ එයාලාගේම රසික රසිකාවියෝ එක්ක නේ..

හිතාගන්න බැරි තරම් රසිකයින්ගෙන් ලැබෙන ආදරය ඒ දෙන්නාට විතරක් නෙවෙයි සීනි මුරුක්කු පොතටත් හොඳටම ලැබෙනවා කියලා මේ දවස්වල පොත් ප්‍රදර්ශනය පැත්තට ගියොත් දැකගන්න පුලුවන් වේවි..

හැම අමාරු කාලයකදී වගේම ජීවිතේ දකින්න පෙරුම් පුරන සුන්දරම හීනය තුරුල්ලේ තියාගෙන කසුන් වගේම මාධවීත් ඒ දෙන්නාගේ ජීවිතේ ගැන මෙන්න මේ වගේ සටහනක් ලියලා..

මෙන්න බලන්නකෝ ඇත්ත ආදරේ කොතනද , ජීවිතේ පැණි රසයි කියලා මේ කතාව කියෙව්වාම ඔබටත් හිතේවි…

“අපි පටන් ගත්තෙ යටම පඩියෙන් නිසා ඉහලට යන හැම වාරයක් ගැනම තියෙන්නෙ ලොකු ආඩම්බරයක් වගේම නිහතමානී සතුටක්. සිතූ පැතූ සම්පත් නැති වුනාට හැමදාමත් අපට තිබුණු උට්ඨාන වීර්‍යය නිසා අපි අපේ හීන එකින් එක හැබෑ කරගනිමින් ඉන්නවා. කිරියෙන් කාලා පැණියෙන් අත හෝදනවට වඩා ඒකීය මඟක එක්ව ගමනක් යන්න ලැබුණු එක මම සවාසනාවක් කොට සලකනවා. එහෙම ගොඩනැගෙන ජීවිත මැදුරුවල සවිශක්තිය ඉස්තරම් ලු. ඉතිං මේ හොඳා පණ…. මේ විශ්වය, මේ මහපොළොව, මේ සංසාර චක්කරේ සාක්කියි කාටවත් හීනෙකින් වත් වරදක් නොකරන අපට නොවරදින බව! පැලෙන්න ආදරෙයි…”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: