hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 12:03



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

මාධවී සිය පියා සම්බන්ධයෙන් තොරතුරු සතිඅන්ත පුවත්පතක් සමඟ මෙසේ බෙදාගෙන තිබුණා.

“අප්පච්චි ජූලි 2 රෑ අනතුරෙන් පසුව සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කෙරුණා. ඒ ශල්‍යකර්මය ඉතාම සාර්ථක වුණා. ඔහු අප සමඟ හොඳින් කතා බහ කරමින්, විහිළු තහළු කරමින්, ලියමින්, ස්නායු ආබාධයෙන් ක්‍රමයෙන් සුව වෙමින් සිටියදී ජූලි 18 යළිත් යම් හදිසි ආබාධයකට මුහුණ දුන්නා. ඒ ඔහුව වෙන්ටිලේටර් යන්ත්‍රවලින් ගැලවීමේ වෛද්‍ය තීරණයෙන් පසුව හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක් වීම හේතුවෙන්. එලෙස දැඩිසත්කාර ඒකකය තුළදී ඔක්සිජන් හිඟ වීම නිසා ඔහු අද ඉන්න තත්ත්වයට පත් වුණා. එදා සිට මේ දක්වා ඔහු ක්‍රමයෙන් සුව වෙමින් ඉන්නවා. අපි වෛද්‍ය උපදෙස් අකුරට පිළිපදිමින් ඒ ප්‍රතිකාර ඖෂධ සපයමින් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ඔවුන්ගේ පණිවුඩ අනුව තමයි අපත් සියල්ල දැනගන්නේ. අප හැම දවසකම අප්පච්චි බලන්න යනවා. ඔහු විටෙක දෑස් විවර කර අප දෙස බලනවා. කට සොලවා මුහුණෙන් විවිධ ඉඟිත් මවනවා. අපි කතුරු වගේ කියවද්දි දවසේ තොරතුරු කියද්දි අප්පච්චිගේ ඇස්වලින් කදුළු එනවා. අප්පච්චිට අපව ඇහෙනවා ඇති. කිසිම අප්පච්චි අම්මා කෙනෙකුට හෝ දරුවෙකුට අපට වැනි දුකක් වෙන්න එපා කියා මං පතනවා. අඩු තරමේ අපි ගැන අප්පච්චි ගැන වෛරය පතුරුවන අයටවත් එහෙම වෙන්න එපා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: